මරණයට පත් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ අදට (26) යෙදී ඇති උපන්දිනය සමරා උතුරේ ස්ථාන කිහිපයක සැමරුම් සිදු කර තිබෙනවා. මේ අතර ප‍්‍රභාකරන්ගේ 63 වන උපන්දින සැමරුම් වැඩසටහන අද දිනයේ ප‍්‍රභාකරන් උපත ලද වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේදී පැවැත්වීමට නියමිත බවයි උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසන්නේ.
පහන් දල්වා මෙම උපන්දින සැමරුම පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සියළුදෙනා වෙත ආරාධනා කරන බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ. පසුගිය වසරේදීද ශිවාජිලිංගම් ඇතුලු කණ්ඩායමක් යාපනය වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේදී ප‍්‍රභාකරන්ගේ උපන්දිනය සමරනු ලැබුවා.
ප‍්‍රභාකරන්ගේ උපන් ගම වන යාපනය වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේදී ඊයේ (25) රාත‍්‍රියේදීද තරුණ කණ්ඩායම් කිහිපයක් විසින් අංක 63 සඳහන් කරමින් කේක් කපා සැමරුමක් සිදු කර තිබෙනවා. ප‍්‍රභාකරන් 1954 නොවැම්බර් 26 වැනිදා යාපනය වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේදී උපත ලබා තිබෙනවා.
Sunday, November 26, 2017
ප්රභාකරන්ගේ උපන් දිනය සමරා කේක් කපයි - (photos)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment