එකම පාසලේ වසර 10 ක සේවා කාලයක් සපුරාලීම හේතුවෙන් ස්ථාන මාරුවීම් ලැබූ ගුරුවරුන් රැසකට මෙතෙක් පසුගිය මස වැටුප් ලැබී නැතැයි වාර්තා වේ.
එම ගුරුවරුන් සඳහන් කළේ, මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවය. මීට අමතරව කලාප අධ්‍යාපන කාර්යාලවලින් යළිත් වරක් තමන්ගේ අධ්‍යාපන සහතික ඇතුළු පිටපත් ලබාදෙන ලෙස දන්වා ඇති බව ද ඔවුන් සඳහන් කළේය.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලිං මහතා සඳහන් කළේ, ගුරුවරුන් මුහුණ පා ඇති මෙම දුෂ්කරතාව හේතුවෙන් සිසුන්ගේ ඉගැන්වීම් ක්‍රියාවලියට ද බාධා මතුව ඇති බවයි.
මේ පිලිබඳව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයෙන් අප කළ විමසීමකදී එහි ලේකම් තිස්ස හේවාවිතාන මහතා සඳහන් කළේ, මෙවැනි ගැටලුවක් වාර්තා වී නොමැති බවයි. මේ පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටී.
Saturday, November 25, 2017
මාරුකළ ගුරුවරුන්ට බඩේ පාර !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment