ප‍්‍රතිඵල අත්දුටුවයි කියා පොල් ගැසීම් තීව‍්‍ර කරයි.. රට පුරා අනුහස් ඇති සියලූ දේවාලවල යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

ප‍්‍රතිඵල අත්දුටුවයි කියා පොල් ගැසීම් තීව‍්‍ර කරයි.. රට පුරා අනුහස් ඇති සියලූ දේවාලවල යයි..

ආන්ඩුවට එරෙහිව ඒකාබද්ද විපක්‍ෂය විසින් ආරම්භ කර තිබෙන පොල් ගැසීම තව දුරටත් තීව‍්‍ර කරන්නට තීරණය කර තිබේ.

ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් කියා සිටියේ පොල් ගැසීමේ වැඩපිලිවෙලෙහි විශාල සාර්ථකත්වයක් පෙනෙන්නට ඇති නිසා රට පුරා පිහිටි අනුහස් සහිත සියළු දේවාලයන්හි පොල් ගැසීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි. 


එහි ආරම්භයක් ලෙස අද දිනයේ කුරුණැගල සඳලංකාවේදී අයියනායක දෙවියන්ට පොල් ගැසීමට නියමිත යයිද ඔහු වැඩි දුරටත් පැවසීය. මේ අතර රටට ඇතිවී තිබෙන තුන්බිය දුරු කිරීම සඳහා නාරාහේන්පිට අභයාරාමයේදී අද සිට රතන සූත‍්‍රය ලක්‍ෂ වාරයක් සජ්ජායනා කිරීම ආරම්භ කරන බව එහි විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආදද්නද හිමියෝ කියති මේ කාර්ය සඳහා අවම වශයෙන් මාස පහක්වත් ගතවනු ඇති බවද එහිමියෝ වැඩිදුරටත් සඳහන් කරති.



Lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad