එජාපය හා ශ‍්‍රීලනිපය ප‍්‍රබල මත ගැටුමක..සම්මුතිවාදී ආණ්ඩුව දෙදරා යන ලකුණු! (EXCLUSIVE) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 11, 2017

එජාපය හා ශ‍්‍රීලනිපය ප‍්‍රබල මත ගැටුමක..සම්මුතිවාදී ආණ්ඩුව දෙදරා යන ලකුණු! (EXCLUSIVE)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ප්‍රබල මත ගැටුම් ඇතිවීම නිසා එහි ඉදිරි කටයුතු අර්බුදකාරී තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් වෙනුවෙන් මේ මත ගැටුම් ඇතිව තිබේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම එක්සත් ජාතික පක්ෂයේ කැමැත්ත බවත් ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහාය හිමිවන බවත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් සති අන්ත පුවත්පතකට පවසා ඇත.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු සඳහන් කළේ විධායක ජනාධිපති ධුරය රටේ ජාතික ආරක්ෂාව, ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බවයි. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම කළ යුතු බවද එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයා සඳහන් කළේය.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයා ප්‍රකාශ කරන ලද්දේ විධායක ජනාධිපති ධුරය අහෝසි නොකර මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා නම් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය එකඟ නොවන බවයි. මීට අමතරව කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර මෙන්ම විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ අතරද යම් යම් මත ගැටුම් ඇති වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad