පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරීම සඳහා දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨයන්ගේ එකඟතාවය පළ වී තිබේ.
මෙම එකඟතාවය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ බස්නාහිර පළාතේ හිටපු ප්‍රබලයෙක් සහ පළමුවරට පාර්ලිමේන්තුවට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ 19 දෙනෙක් පමණ විරුද්ධත්වය පළකර ඇත. එනමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ සිට සියලු ජ්‍යෙෂ්ඨයන්ගේ කැමැත්ත පළ වී ඇති අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ 24 දෙනකුගේ කැමැත්ත දැනටමත් පළ වී ඇත.
මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යෑම සඳහා ජනාධිපතිවරයා විසින් නම්කර ඇති පාර්ලිමේන්තුවේ තරුණ දේශපාලනඥයා සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයාගේද ආශිර්වාදය හිමි වී ඇත. කෙසේ නමුත් පසුපෙළ මන්ත්‍රීවරුන් 19 දෙනාගේ අකමැත්ත හේතුවෙන් පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීමේ කටයුත්ත ප්‍රමාද වෙමින් තිබෙන බව ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි.
Saturday, November 11, 2017
24ක් කැමතියි..19ක් අකමැතියි..පළාත් මැතිවරනයේදී ඒකාබද්ධය හා ශ‍්‍රීලනිපය එක්වෙයි ?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment