ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට රතු එලි දල්වයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 11, 2017

ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට රතු එලි දල්වයි..

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන් දෙදින පුහුණු තරගයේද පළමු දිනය නිමා වන විට සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රීඩාකරන ශ‍්‍රී ලංකා කන්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 411ක් ලබා සිටියි. මෙම තරගයේ කාසිය වාසිය දිනු සභාපතිවරයාගේ කන්ඩායමේ නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදීමට පැමිණි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වු සදීර සමරවික‍්‍රම හා දිමුත් කරුණාරත්න ලකුණු 134ක දැවැන්ත ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් විය.

සදීර ලකුණු 74ක් ලබා සිටියදී අවේශ් ඛාන්ගේ පන්දුවකට දැවී ගිය අතර දිමුත් කරුණාරත්න ලකුණු 50ක් ලබා සිටියදී නොදැවුණු පිතිකරුවෙක් ලෙස පිටියෙන් ඉවත්විය. ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 54ක්ද, ඩිල්රුවන් පෙරේරා ලකුණු 48ක්ද ලබාගත් අතර වේගවත් ඉනිමක් ක‍්‍රිඩා කරමින් සිටින නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුනු 73ක්ද රෝෂේන් සිල්වා නොදැවී ලකුණු 36ක්ද ලබා ක‍්‍රීඩා කරයි.

අද දිනයේ ළහිරු තිරිමාන්න ලකුණු 17කටද, දසුන් ශානක ලකුණු 02කට හා ධනංජයද සිල්වා ලකුනු 10ක දැවී ගියහ. ශ‍්‍රී ලංකා කණ්ඩායම දිනේෂ් චන්දිමාල් මෙහෙයවන අතර ඉන්දියානු සභාපතිවරයාගේ කන්ඩායම සංජු සැම්සන් මෙහෙයවනු ලබයි.

ශ‍්‍රී ලංකා සංචිතය..

LD Chandimal (c), DM de Silva, N Dickwella †, HMRKB Herath, AD Mathews, MDK Perera, MD Shanaka, ARS Silva, HDRL Thirimanne, MVT Fernando

ඉන්දියානු සභාපතිවරයාගේ සංචිතය..

SV Samson (c),Jalaj S Saxena ,Jiwanjot Singh, Avesh Khan ,Abhishek Gupta, PR Prem, S Sandeep Warrier, AA Bhandari ,CV Milind ,TD Agarwal, BP Sandeep, M Ravi Kiran

No comments:

Post a Comment

Post Bottom Ad