උතුරේ කොටි මහ විරු සැමරුම මහ ඉහලින් සූදානම්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 11, 2017

උතුරේ කොටි මහ විරු සැමරුම මහ ඉහලින් සූදානම්…

යුද සමයේදී මිය ගිය මහවිරුවන් නොවැම්බර් 27 වනදා උතුරු පලාතේ ස්ථාන කිහිපයකම සැමරීමට පියවර ගෙන ඇති අතර ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ පැවත්වීමට දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් හා ස්වේච්චා සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කොට ඇත.

උතුරු පලාතේ මහවිරු ප්‍රධාන සැමරුම කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ පිහිටි අක්කර පහක පමන වූ මහවිරු සුසාන භූමියේදී පැවත්වෙන අතරතුර එදින කිලිනොච්චිය මුලංකාවිල්,මල්ලාවි, තේරාවිල් මුලතිව් ,යාපනය, මන්නාරම හා වව්නියාවේදී සැමරීමටද සූදානම් කොට ඇත.

1982 වසරේ නොවැම්බර් 27 වනදා කොටි සංවිධානයේ කර්නල් වරයෙකු වූ ශංකර් නැමත්තා ආරක්ෂක අංශ ප්‍රහාරයකින් මිය ගිය අතර එතැන් සිට එදින මහවිරු දිනය නමින් කොටි සංවිධානයද සමරනු ලැබීය. යුද සමයේදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ප්‍රධානත්වයෙන් මහවිරු සැමරුමේ ප්‍රධාන උත්සවය පැවත්වුනේද වව්නියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේ පිහිට කොටි සුසාන භූමියේදීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad