මෙරටින් බිහිවූ ප්‍රවීන ගායකයකු වන ධර්මදාස වල්පොළ මහතාගේ සුප්‍රසිද්ධ ගීතයක් වන “අරලිය මල් අතු අඟ රැගුම්පානවා” ගීතය නිර්මාණය කිරීමට නිමිත්ත වූ අරලිය ගස කැළණිය ප්‍රාදේශීය සභාව විසින් කපා දමා තිබේ. අදාළ ගස ඒ මහතා ගේ කැලණියේ පිහිටි නිවස ඉදිරිපිට පාරෙන් එහා පැත්තේ තිබූවකි.
සපරමාදු පෙදෙස කොන්ක්‍රීට් කිරීමට යාමේදී මේ ගස කපා දමා ඇත්තේ සපරමාදු කෙනෙකුගේ උවමනාවට බව ප්‍රදේශවාසීහු කියති. එය වසර 100කට අධික කාලයක් පැවැති එකකි. මෙය කපා දැමීමට පැමිණ සිටි පුද්ගලයාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ මහින්ද සපරමාදු නැමැත්තෙක් මේ ගස කැපීමට තමාට මුදල් දුන් බවත් තමා ප්‍රාදේශීය සභාවේ සේවකයකුද නොවන බවයි.
එම ගසෙහි ඇති ඓතිහාසික වැදගත්කම හේතුවෙන් සපරමාදු පෙදෙසේ අයිනක වූ මේ ගස කැලණිය ප්‍රාදේශීය සභාව පසුගිය කාලයේදී ආරක්ෂා කළ බවද පැවසේ. මේවන විට කැලණිය ප්‍රාදේශීය සභාව පාලනය වන්නේ ලේකම්වරයකු වන කපිල කුමාර යටතේ වන අතර ඔහුට කැලණිය ගැන අවබොධයක් නොමැත්තෙකු බවද පැවසේ.
ඔහු හිටපු කායවර්ධන ශූරයෙකි. මේ ගස කපාදමා ඇත්සතේ පරමාදු පෙදෙස නම් මාර්ගය ජනපතිවරයා විසින් ධර්මදාස වල්පොළ මාවත ලෙස නම් කිරීමට අදාළ අංශවෙත දන්වා තිබියදී වීමද විශේෂ සිද්ධියකි. අදාළ ලේකම්වරයා වැඩ බාර ගැනිමෙන් පසුව බෝඩ් ප්‍රශ්න හා ගස් කැපීමේ කටයුතු සඳහා ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව සිටීම ද විශේෂ සිද්ධියකි.
Source : infosrilankanews.com
Saturday, November 11, 2017
ධර්මදාස වල්පොළ මතකය වැනසූ කැලණිය ප්‍රාදේශීය සභාවේ නරුමයෝ.
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment