යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසකර් ඉලන්චේලියන් විසින් පසුගියදා දැරියක දූෂණය කළ සිව් දරු පියෙකුට අවුරුදු 15ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. මෙම අපරාධය කර තිබෙන්නේ 2012 වසරේ ජූලි මාසයේදී.
මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කරන අවස්තාවේදී රජයේ නීතිඥවරයා කියා ඇත්තේ විත්තිකරුට එරෙහි චෝදනාව ඔප්පු වී ඇති බවයි. ඒවගේම දූෂණයට ලක් වූ දැරියට මේ වනවිට එකී දූෂණය හේතුවෙන් අවුරුදු 4ක දරුවකුද සිටින බව පැවැසූ නීතිඥවරයා දැරියගේ ජීවිතය විනාශ කළ විත්තිකරුට එරෙහිව දිය හැකි උපරිම දඩුවම ලබා දෙන ලෙස ද අධිකරණයේදී ඉල්ලා තිබෙනවා.
අපරාධකරුට එරෙහි දඬුවම ප්‍රකාශයට පත් කළ විනිසුරු ඉලන්චේලියන් අවුරුදු 15ක සිර දඬුවම ට අමතරව රුපියල් 30,000ක දඩ මුදලකුත් එය නොගෙවන්නේ නම් තවත් මාස 18 ක සිර දඬුවමකුත් දැරියට ලක්ෂ 6ක වන්දියකුත් එය ගෙවිමට නොහැකිනම් තවත් මාස 8ක සිරදඬුවමකුත් නියම කර තිබෙනවා.
Thursday, November 23, 2017
දුව දූෂණය කර දරුවෙක් දුන් නරුම පියාට විනිසුරු ඉලංචේලියන් දුන් මතක හිටින දඩුවම
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment