නාඋල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර නිකුත් කරන බව වාහන හිමියෝ පවසති. තරුණයකු බෝතලයකට පෙට්‍රල් ලබාගැනීමේදී එහි රතු මිශ්‍ර පැහැයක් ඇති බව මෙහි සත්‍ය අසත්‍ය සොයාබැලීමට ගිය අවස්ථාවේදී දක්නට ලැබිණි.එහි භූමිතෙල් ගඳ වහනය වන බවද එම තරුණයා පැවසීය.
එම අවස්ථාවේ එහි පැමිණි විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරයා යැයි කියාගන්නා පුද්ගලයකුගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු පැවසුවේ තමන්ට එවැනි තොරතුරක් ලැබී පරික්ෂා කළ බවත් එහෙත් පෙට්‍රල්වල භූමිතෙල් ඇතැයි තමන්ට ප්‍රකාශ කිරීමට නොහැකි බවත් ය. ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ අවස්ථාවේදී එම ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු යැයි පැවසූ පුද්ගලයකු පැවසුවේ භූමිතෙල් කලවම් වී වාහන නැවතී ඇත්නම් ඒවා පෙන්වන ලෙසයි.
මෙම ඉන්ධන සංස්ථාවෙන් ලබාදෙන ඒවා බවත් බවුසර් රථයෙන් පෙට්‍රල් ලබාගත් සැනින් ගත් සාම්පල් බෝතලය පවා තිබෙන බවත් භූමිතෙල් ගඳ වහනය වන පෙට්‍රල් ලබාදෙන්නේ ඇයිදැයි ඇසිය යුත්තේ පිරවුම්හල්වලින් නොව සංස්ථාවෙන් බව කළමනාකාරවරයා වැඩිදුරටත් පැවසිය. එම ස්ථානයට නාවුල පොලිස් ස්ථානයේ කණ්ඩායමක්ද පැමිණි අතර වාහන හිමියෝ මේ බව ඔවුන්ට දැනුම් දුන්හ.
එම ස්ථානයේ සිටි ත්‍රීරෝද රථ රියදුරකු බෝතලයක් ගෙන නාඋල නගරයේම පිහිටි වෙනත් ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල් රැගෙනවිත් පොලීසියට සහ කළමනාකාරවරයාට පෙන්වූ අතර එහි වර්ණය සුදු පැහැති වූ නමුත් විවිධ සේවා සමුපකාර සමිතියේ පිරවුම්හලෙන් ලබාගත් පෙට්‍රල්වල රතු මිශ්‍ර පැහැයක් දක්නට ලැබිණි. පොලීසියේ නිලධාරීන් ද පැවසුවේ එම සමිතියේ පිරවුම්හලේ පෙට්‍රල්වලින් භූමිතෙල් ගඳ වහනය වන බවයි.පෙට්‍රල් වාහනවලට ලබාගත් රියදුරෝ එම අවස්ථාවේම තම වාහනවලින් පෙට්‍රල් ඉවත් කළහ.
පොලිස් නිලධාරීන් පිරවුම්හලේ කළමනාකරුට උපදෙස් දී සිටියේ තාවකාලිකව පෙට්‍රල් නිකුත් කිරීම නවතන ලෙසත් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවත් ය.
- Lankadeepa
No comments:
Post a Comment