පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
ඒ, විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය
අකිල විරාජ් කාරියවසම් පත්කළ කමිටුවක් විසින්. එම කමිටුව හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන්, අධ්‍යාපනඥයින් සහ විභාග දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරින්ගෙන් සමන්විතයි.
අදාළ කමිටුව යෝජනා කර තිබෙන්නේ ඇඟිලි සළකුණු ලියාපදිංචි කිරීම හරහා අයදුම්කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙන බවයි. එමෙන්ම සෑම විභාග අයදුම්කරුවෙකුටම ශිෂ්‍ය අංකයක් ලබාදිය යුතු බවද එහි තවත් යෝජනාවක් වනවා. අයදුම්කරුවෙකු එකම ශිෂ්‍ය අංකයෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගයට ඉදිරිපත් කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ කමිටුවේ අදහස වී ඇත්තේ.
ඒ හරහාද අයදුම්කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට හැකියාව පවතින බවද එම කමිටුව සඳහන් කළා. කෙසේවෙතත් මෙම නව ක‍්‍රමවේද කි‍්‍රයාවට නැංවිය යුතු කාලය පිළිබඳ තවමත් තීරණය කර නොමැතිි බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසුවේ.
Tuesday, November 28, 2017
පාසල් සිසුන්ගේ ඇඟිලි සළකුණු ලබා ගැනීමේ වැඩපිළිවෙලක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment