කේන්තිය පිරිමහන්න පුංචි අම්මාට අතවර කළ පුතා අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 27, 2017

කේන්තිය පිරිමහන්න පුංචි අම්මාට අතවර කළ පුතා අත්අඩංගුවට

අතුරුගිරිය ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු පියෙකු තම කෝපය පළ කිරීමේ ක්‍රමයක් හැටියට නිවසේ වාසය කරමින් සිටි බව කියන 54 හැවිරිදි ඔහුගේ නෑකමින් පුංචි අම්මාට දරුණු ලෙස අතවර කිරීමේ සිද්ධියක් වාර්තාවේ. 

ඉකුත් 23 වැනිදා අදාළ පුද්ගලයාගේ බිරිඳ නිවාස තුළ නොසිටි මොහොතක පුංචි අම්මා සමඟ ඇතිකරගත් බහින්බස් වීමකින් අනතුරුව මෙම අතවරය සිදු කර ඇත.  පුංචි අම්මා දිවි ගෙවූ එම නිවසේ ගරාජ කාමරය තුළට ඇතුළු වී දරුණු ලෙස අතවර කරන ලද බවට පැමිණිල්ලේ සඳහන් වෙයි. 

අතවරයට ලක් වූ කාන්තාව හෝමාගම රෝහලට ඇතුලත් කර ඇති අතර අතවර කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය වාර්තා කරයි. මෙම පුද්ගලයා මීට පෙරද කාන්තාවකට අතවර කිරීමට උත්සහ දැරීමේ සිද්ධියකට රිමාන්ඩ් ගතවූ අයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad