අවේලාවේ ලෙඩ්ඩු බලන්න ගිය ජනපති අකරතැබ්බයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 28, 2017

අවේලාවේ ලෙඩ්ඩු බලන්න ගිය ජනපති අකරතැබ්බයක

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන භික්ෂුන් වහන්සේ නමකගේ සුවදුක් බැලීමට කොළඹ ජාතික රෝහලට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අනපේක්ෂිත අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා ආරක්ෂක අංශ නිලධාරීන් සුළු පිරිසක් සමඟ මෝටර් රථයක නැඟී නේවාසිකව ප්‍රතිකාර ලබන භික්ෂුන් වහන්සේ නමකගේ සුවදුක් බැලීම සඳහා පෙරේදා (26) පෙරවරු 9.45ට පමණ කොළඹ ජාතික රෝහලට ගොස් ඇත. ජනාධිපතිවරයා ගමන් ගත් මෝටර් රථය ජාතික රෝහලේ ගේට්ටු අංක 02න් ඇතුළට ගත් අවස්ථාවේදී එහි සිටි ආරක්ෂක නිලධාරිනිය සහ ආරක්ෂක නිලධාරියා ඊට අවසර ලබා දී නැතැයි වාර්තා වේ.

අවේලාවේ රෝගීන් බැලීමට පැමිණෙන වාහනවලට ඇතුළු වීමට අවසර ලබා නොදෙන හෙයින් එම ආරක්ෂක නිලධාරීන් මෙම මෝටර් රථයටද රෝහල් භූමියට ඇතුළු වීමට අවසර ලබා දී නැත. මෝටර් රථයේ සිටි ආරක්ෂක අංශ නිලධාරීන් තුන්වතාවක් ගේට්ටුවේ සිටි ආරක්ෂක අංශ නිලධාරිනියට සහ නිලධාරියාට පවසා ඇත්තේ මෝටර් රථය තුළ ජනාධිපතිවරයා සිටින බවටය.

නමුත් ඒ බව විශ්වාස නොකළ රෝහල් ආරක්ෂක අංශ නිලධාරියා සහ නිලධාරිනිය මෝටර් රථය රෝහල තුළට ගැනීම සඳහා ගේට්ටුව විවෘත කර නොමැත. අනතුරුව ජනාධිපතිවරයාම මෝටර් රථයේ වීදුරුව පහත් කර තමන් එහි සිටින බවට ඔවුන් දෙදෙනාට අඟවා ඇත. පසුව එම දෙපළ "සමාවෙන්න සර්" කියා ගේට්ටුව විවෘත කර දී තිබේ.

මේ හේතුව නිසා ජනාධිපතිවරයාට විනාඩි පහකට ආසන්න කාලයක් ගේට්ටුව අසලම රැඳී සිටීමටද සිදුවී තිබේ. කෙසේ වෙතත් ජනාධිපති ආරක්ෂක අංශය විසින් මේ සම්බන්ධයෙන් කළ දැනුම් දීමකට අනුව මරදාන පොලිසියේ නිලධාරීන් අදාළ ආරක්ෂක අංශ නිලධාරිනියගෙන් සහ නිලධාරියාගෙන් ප්‍රශ්න කර ඇත.

අදාළ රෝහල් ආරක්ෂක අංශ නිලධාරිනිය පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරියක බවද කියැවේ. රෝහල් බලධාරීන් විසින් මෙම ආරක්ෂක අංශ නිලධාරිනියට සහ නිලධාරියාට එරෙහිව විමර්ශනයක්ද සිදු කර ඔවුන් එම ගේට්ටුවේ ආරක්ෂක කටයුතුවලින් ඉවත් කර ඇතැයි ද වාර්තාවේ

No comments:

Post a Comment

Post Bottom Ad