"හයිබ්‍රිඩ්" වර්ගයේ වාහනයකින් පැමිණ මහමඟ ගමන් ගත් කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑමේ චෝදනාව මත අධිකරණය වෙත ඉදිරිපත් කළ වෛද්‍යවරයෙක්, හිටපු හමුදා නිලධාරියෙක් සහ කාන්තාවක් 29 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අත්තනගල්ල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලක්‌මාල් පෙරේරා මහතා නියෝග කළේය.
අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙක් ඔහුගේ බිරිඳ සහ හිටපු හමුදා නිලධාරියකු මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. කලගෙඩිහේන සපුගස්‌තැන්න ප්‍රදේශයේදී රන් මාලය පැහැරගත් කොල්ලකරුවන් වාහනයෙන්ම පලා යද්දී නවීන තාක්‍ෂණ ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ වේයන්ගොඩ පොලිsසිය අම්බලන්තොට ප්‍රදේශයේදී "හයිබ්‍රිඩ්" වර්ගයේ වාහනය, රන්මාලය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
වෛද්‍යවරයා රජයේ සේවයෙන් වැඩ තහනමකට ලක්‌ව දැනට පුද්ගලික වෛද්‍ය සේවයේ නිරත වන්නකු බවත් කාන්තාව ඔහුගේ බිරිඳ බවත් හමුදා නිලධාරියා හමුදා සේවයෙන් ආබාධිත වූ අයකු බවත් දැනට කොල්ලකෑම්වල නිරතවන්නකු බවත් මෙවැනි අපරාධ රැසකට මොවුන් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත් මොවුන් තිදෙනාම මත්කුඩුවලට තදින්ම ඇබ්බැහි වුවන් බවත් පොලිසිය පවසයි.
ගම්පහ කොට්‌ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්‌සැල්ල, අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා, වේයන්ගොඩ පොලිස්‌ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක චන්දන කුමාර යන අයගේ උපදෙස් හා අධීක්‍ෂණ යටතේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක කුලතුංග, පොලිස් සැරයන් (19089) පත්මසිරි, පොලිස් සැරයන් (31541) සුමිත්, පොලිස් කොස්‌තාපල් (89679) ජයසිංහ යන නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
සිරිමෙවන් පතිරණ
Tuesday, November 28, 2017
දොස්‌තරයි බිරිඳයි හමුදා නිලධාරියයි චේන් කඩලා රිමාන්ඩ්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment