ගල්කිස්ස වෙරළ තීරයේ වැලි සහ රුපියල් මිලියන ගණනක් සාගර රළට සෝදාගෙන යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 31, 2020

ගල්කිස්ස වෙරළ තීරයේ වැලි සහ රුපියල් මිලියන ගණනක් සාගර රළට සෝදාගෙන යයි

ගල්කිස්ස වෙරළ තීරයේ වැලි සහ රුපියල් මිලියන ගණනක් සාගර රළට සෝදාගෙන යයි

රුපියල් මිලියන 890ක් පමණ වියදම් කරමින් ගල්කිස්ස වෙරළ තීරය ඛාදනය වීම වැළැක්වීමට සහ සංරක්ෂණය කිරීම සඳහා කළ ව්‍යාපෘතිය සාගර රළ පහරටම සෝදාගෙන තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ෆේස්බුක් සමාජජාලයේ සංසරණය වෙන ආකාරය දැක ගැනීමට හැකිය.

කැබිනට් අනුමැතියද සහිතව ක්‍රියාත්මක වූ මෙම ව්‍යාප්තියේ පළමු අදියරයේ දී කිලෝමීටර් 2ක් දිග සහ මීටර් 25ක් පළල කෘතිම වෙරළ තීරයක් ඉදි කිරීමට නියමිතව තිබූ අතර එම වෙරළ නිර්මාණය කිරීම සඳහා වැලි කියුබ් ඝන මීටර් තුන්ලක්ෂයක් භාවිත කිරීමටද නියමිතව තිබුණි.

ඒ අනුව ගල්කිස්ස වෙරළ තීරය අලුතින්ම ප්‍රතිනිර්මාණය කළේ තිබුණු සියලු ගල් පරයන් සහ සියලු දේ යට කර දමමිනි.

නමුත් දැන් යළිත් ගල්කිස්ස වෙරළ තීරය යථා තත්ත්වයට පත් වෙමින් තියෙන්නේ පිරවූ සියලු වැලි සාගරයට සෝදා හරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad