මහරගම පරදී යයි බය බීත වේ.. මහ ඇමති ඉසුර මන්ත‍්‍රී දිනේෂ්ට යටිකූට්ටු ගේමකට ආරාධනා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 11, 2017

මහරගම පරදී යයි බය බීත වේ.. මහ ඇමති ඉසුර මන්ත‍්‍රී දිනේෂ්ට යටිකූට්ටු ගේමකට ආරාධනා..

එළැඹෙන මැතිවරණ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින්නේ යයි ඉසුර දේවප‍්‍රිය බස්නාහිර පළාත් මහ ඇමතිවරයා සදහන් කරයි.

දැනටමත් මේ පිලිබදව ඒකාබද්ද විපක්‍ෂ සාමාජිකයන් කිමිප දෙනෙකු සමග සාකච්චා පවත්වමින් සිටින්නේ යයිද ඔහු සදහන් කරයි. මේ අතර වාර්තා වන්නේ මහ ඇමතිවරයා විසින් ඒකාබද්ද විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධනට දුරකතනයෙන් අමතා මහරගමදී පමණක් හෝ එක්ව තරග කරමු යයි යෝජනා කර ඇති බවයි.

මෙසේ ඒකාබද්ද විපක්‍ෂය සමග ආසනයේදී හෝ එක්ව තරග වැදීමට ජනාධිපතිවරයා විසින් අවසර දී ඇති බවකි. එම යෝජනාව එකහෙලාම ප‍්‍රතික්‍ෂෙප කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත්තේ එවන් එකතුවකට ජනතාව සහමුලින්ම විරුද්ද බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad