ගීතාගේ තීන්දුවෙන් ගාල්ලේ සන්ධාන ලයිස්තුවම අහෝසියි… චන්දිම, මුතුහෙට්ටි, මනුෂ, පියසේන, රමේෂ්, මොහාන් ගෙදර… එජාපයට බයි චාන්ස්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 6, 2017

ගීතාගේ තීන්දුවෙන් ගාල්ලේ සන්ධාන ලයිස්තුවම අහෝසියි… චන්දිම, මුතුහෙට්ටි, මනුෂ, පියසේන, රමේෂ්, මොහාන් ගෙදර… එජාපයට බයි චාන්ස්…

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අධිකරණය විසින් අහෝසි කිරීමත් සමග ඇය පසුගිය මහ මැතිවණයේදී තරග කරනු ලැබූ ගාල්ල දිස්ත‍්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂක ලයිස්තුවම අර්බුදකාරී තත්වයකට පත්ව තිබේ.

නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පවසන්නේ මෙම තීන්දුවත් සමගින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ සන්ධාන නාම යෝජනා ලයිස්තුවම නීති විරෝධී බවයි. එම මැතිවරණයේදී ජනතාව නොගම ගොස් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය පාවිච්චි කර ඇති බවත් ඒ නොමග යාම මත සන්ධානයේ මන්ත‍්‍රී ධුරයන්ට බලපෑමක් වුණා විය හැකි යයිද ඔහු කොළඹදී පැවති මාද්‍ය හමුවක් අමතමින් පැවසීය.

නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙන තර්කය අනුව ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට සන්ධානයෙන් පැමිණ සිටින චන්දිම වීරක්කොඩි, නිශාන්ත මුතුහෙට්ටිගම, මනුෂ නානායක්කාර, පියසේන ගමගේ යන ආණ්ඩු පක්‍ෂ පිරිස් මෙන්ම ඒකාබද්දය නියෝජනය කරන රමේෂ් පතිරණ හා මොහාන් පී ද සිල්වා යන අයගේ මන්ත‍්‍රී ධුරයන් අහෝසි විය යුතුය. ඉන් පසු අතුරැ මැතිවරණයක් පැවැත්වීම හෝ එම වලංගු අපේක්‍ෂක ලයිස්තුවකින් මන්ත‍්‍රීවරුන් පත් කිරීමක් සිදු කල හැකිය.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad