කිරිපිටි සමාගම්වලින් යහපාලන ඇමතිවරු පගාව අරගෙන විදෙස් අතිරික්ත කිරි මෙරටට ගෙනෙනවා..- වොක්ස්වැගන් උගතාගේ කණ හරහා ජනපති ගහයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 6, 2017

කිරිපිටි සමාගම්වලින් යහපාලන ඇමතිවරු පගාව අරගෙන විදෙස් අතිරික්ත කිරි මෙරටට ගෙනෙනවා..- වොක්ස්වැගන් උගතාගේ කණ හරහා ජනපති ගහයි

ප්‍රධාන පෙලේ බහුජාතික කිරිපිටි සමාගමක් මෙරට කිරිපිටි වෙළෙඳපොළ ආක්‍රමණය කර ඇති නිසා දේශිය කිරි කර්මාන්තය කඩා වැටිමේ අවධානමක් තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වාදී ඇතැයි ඉරිදා ලංකාදීප පුවත්පත මුල් පිටුවේ වාර්තා කොට ඇත.

ජනාධිපතිවරයා පසුගිය සතියේදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි චෝදනා කොට ඇත්තේ ඇතැම් මැති ඇමතිවරුන් මෙරටේ සිටින බහුජාතික කිරිපිටි සමාගම්වලින් වරප්‍රසාද වරදාන භුක්ති විදිමින් දේශීය කිරි ගොවියා විනාශ කරන බවයි. එමෙන්ම එම සමාගම් පිහිටි මව් රටවල ඇති අතිරික්ත කිරිපිරි තොග ගෙනවිත් මෙරටේ කිරිපිටි ඒකාධිකාරයක් පවත් වාගෙන යන බවයි.

අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට වොක්ස්වගන් කර්මාන්තශාලාව මුලින්ම මෙරටට ගෙන එන බවට ජර්මන් තානාපතිවරයා පොරොන්දු වු බව පැවසු අමාත්‍ය ධූරයක් දරන උගතෙක්, ප්‍රධාන පෙලේ බහුජාතික කිරිපිටි සමාගම්වල මූල්‍ය වරදාන ලබාගෙන මෙසේ වෙනත් වක්‍රව බදු සහන ලබාදී අතිරික්ක කිරිපිටි මෙරටට ගෙන ඒමේ කූට ව්‍යපාරයේ යෙදෙමින් සිටින බවයි.

එමෙන්ම තවත් එක්තරා බහු ජාතික සමාගමක් කිරිපිටි වෙනුවට 20% පමණ සිනි මිශ්‍ර කොට කිරිපිටි මිලට සීනි ඇතුලත් කිරිපිටි අලෙවි කිරීමද ජයටම කරගෙන යන බවත් ඒ සඳහා පාරිභෝගික අධිකාරිය හෝ ආණ්ඩුව කිසිම පියවරක් නොගන්නේ දා ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සඳහා සන්තෝෂම් ලබාදීම නිසා බැව් දේශීය කිරිපිටි අලෙවිකරණ සමාගම් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad