2008 නොවැම්බර් 26 වැනි දින කොටි පාලනය කළ ප්‍රදේශයක සිදු කළ රහසිගත මෙහෙයුමක් අතරතුරදී ඔට්ටුසුඩාන් හිදී කොටි ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව දැයෙන් සමුගන්නා විට ඔහු 31 හැවිරිදි විය.
කොටි ත්‍රස්තයන් අණසක පැතිරවූ සතුරු බල ප්‍රදේශ ඇතුළටම ගොස් විශිෂ්ඨ දස්කම් දැක්වූ දුරදිග විහිදුම් බලකාය එල්ටී ටී ඊ නායක ප්‍රභාකරන් පවා බිය වූ හමුදා කණ්ඩයක් විය.
කොටි ගුවන් බලකායේ ප්‍රධානියා වූ ශංකර් හා මුහුදු කොටි අංශයේ දෙවනියා වූ කංගේ අමරන් මෙන්ම සන්නද්ධ බුද්ධි නායක චාර්ල්ස් ඇතුළු ඉහළ පෙලේ කොටි නායකයන් රැසක් කර්නල් ලලිත් ජයසිංහ මෙහෙයවූ දිගු දුර විහිදුම් බලකායෙන් ඝාතනයට ලක් වූ බව එල්ටීටීඊය පවා එකල පිළිගෙන තිබිණ.
වීර වික්‍රම විභූෂණ වීරක්‍රියා සම්මානයෙන් දෙවරක්ම ඇගයීමට පාත්‍රවූ ලලිත් ජයසිංහ ඊට අමතරව දේශ පුත්‍ර ,උතුරු නැගෙනහිර සංග්‍රාමික,50 වන යුධ හමුදා සංවත්සර , පූර්ණ භූමි මෙන්ම 56 වන නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කම් වලින් ද ඇගයීමට ලක්විය.
අවිස්සාවේල්ල ජනාඪිපති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ලලිත් ජයසිංහ කොලඹ ලුම්බිණි විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබීය.ලලිත් ජයසිංහ විරුවා දැයෙන් සමුගනිද්දීත් ආදරණීය බිරිඳගේ කුස තුල සිටි වීර පියාගේ මුහුණ දැකීමට වාසනාව නොලද ඔහුගේ දයාබර දියණිය දැන් අවුරුදු 9 ක සිඟිත්තියකි.
ලලිත් ජයසිංහ පිළිබඳ කෙටි රූපවාහිනී වැඩසටහනක් පහතින් දැක්වේ.
– යටියන ප්‍රදීප් කුමාර
Sunday, November 26, 2017
කොටි ත්‍රස්තයන් සලිත කළ වීරත්වය.. මහ විරු ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන වසර 09යි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment