අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අධිකරණ සේවා නිලධාරීන් 41 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී තිබේ. මෙම ස්ථාන මාරුවීම් 2018 ජනවාරි 01දා සිට ක්‍රියාත්මක බව පැවසේ.
ස්ථානමාරුවීම් ලැබූ නිලධාරීන් අතරට දිසාවිනිසුරුවන්, මහේස්ත්‍රාත්වරුන්, අතිරේක දිසා විනිසුරුවන් හා අතිරේක මහේස්ත්‍රෙත්වරුන්ද අයත්ව සිටිති. නුවරඑළිය දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කළ එම්.ජී.එම්.සී.එම්.ෆර්ඩිනැන්ඩස් මහතා ගංගොඩවිල දිසා විනිසුරුවරයා ලෙස මාරුකර ඇති අතර හෝමාගම දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කළ එම්.සී.එම්. අබේරත්න මහතා කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා ලෙස මාරුකර තිබේ.
ගංගොඩවිල අතිරේක දිසාවිනිසුරු එම්.එම්.එස්.වයි. මාපා බණ්ඩාර මහතා කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා ලෙසත්, ගල්කිස්ස දිසා විනිසුරුවරිය ලෙස කටයුතු කළ සී.අමරතුංග මහත්මිය හෝමාගම නව දිසා විනිසුරුවරිය ලෙසත් පත්කර ඇත.
ඊට අමතරව කොළඹ අතිරේක දිසා විනිසුරුවරිය ලෙස කටයුතු කළ ඒ.අයි.කේ.රණවීර මහතා ගල්කිස්ස දිසා විනිසුරුවරිය ලෙසත්, ගම්පහ අතිරේක දිසා විනිසුරුවරිය ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ඩී. විමලසිරි මහත්මිය මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ලෙසත් පත්කර තිබේ.
ගංගොඩවිල, පුත්තලම, චාවකච්චේරිය, මන්නාරම, යාපනය, හලාවත, වැලිමඩ, මොනරාගල, මුත්තූර්, වව්නියාව සහ මුලතිව් දිසා විනිසුරුවරුන්ටත්, මඩකලපුව, මීගමුව, නුවරඑළිය, මාලිගාකන්ද, මහර, මාතර, කෑගල්ල, බලපිටිය, බිබිල, ඇඹිලිපිටිය හා ආණමඩුව මහේස්ත්‍රාත්වරුන්ටත් ස්ඨානමාරුවීම් ලබාදී ඇත.
Sunday, November 26, 2017
විනිසුරුවන් 41කට ස්ථානමාරුවීම් !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment