යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේදී කාමාතුරයින් අතින් ඝාතනය වූ සිවලෝගනාදන් විද්‍යා දැරියගේ 21 වන උපන්දිනය වෙනුවෙන් දිවයින පුරා ක‍්‍රියාත්මක වන පදිරි විදයා නමින් පදනමක් හා පුන්කුඩතිව් විදුහලේ දරු දැරයින්ට අධ්‍යාපනික උපකරණ හා පා පැදි බෙදා දීමේ උත්සවයක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.
2015 වසරේ මැයි මස 13 වනදා පුන්කුඩතිව් පාසල වෙතට යමින් සිටියදී විද්‍යා දැරියට මෙම අවාසනාවන්ත ඉරණම අත් වූ අතර 2017 නොවැම්බර් මස 25 වනදාට විද්‍යා දැරයට වසර 21 ක් පිරීම නිමිත්තෙන් පුන්කුඩතිව් විදුහලේදී මෙම උත්සවය සංවිධානය කොට තිබින.
එම අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ඇතුලු ජ්‍යේෂ්ට යුද හමුදා නිලධාරීන් පිරිසක් හා ප්‍රවීන සිනමා නිලි සුනීතා වීරසිංහ විද්‍යා දැරයගේ මව ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ පූර්ණ අධීක්ෂණයන්ගේ යුතුව මෙම උත්සව අවස්ථාව සංවිධානය කළ අතර සිනමා නිලි සුනීතා වීරසිංහගෙ සංකල්පයකට අනුව පුන්කුඩතිව් විදුහලේ දරු දැරියන්ට අධ්‍යාපනික උපකරණ හා පාපැදි බෙදා දීම සිදු විය.
ඊට අමතරව උත්සව අවස්ථාවේදී ආරම්භ කරන ලද විද්‍යා පදනම දිවයින් පුරාම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර සෑම මසක පාසල් දරු දැරියන් වෙනුවෙන් මෙසේ ශිෂයත්ව ප්‍රධානයන් සිදු කිරීමට එම පදනම හරහා කටයුතු ආරම්භ කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Sunday, November 26, 2017
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment