ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු කියාසිටියේ ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල නව නායකත්වයක් යටතේ තරග වදින බවයි.
ඒ අනුව ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව්
කී‍්‍රඩක තිසර පෙරේරාගේ නමද යෝජනා වී තිබෙනවා. කී‍්‍රඩකයින් කිහිපදෙනෙකුම එක්දින නායකත්වය සඳහා යෝජනා කෙරුණද එ් අතරින් තිසර පෙරේරා ඉදිරියෙන්ම සිටින බවයි ඔහු කියා සිටියේ.
පාකිස්ථාන කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට නායකත්වය ලබාදුන්නේද තිසර පෙරේරායි. එම තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල පරාජය වුවද ඔහු කණ්ඩායම මෙහෙයවූ ආකාරය පිිළිබඳව තේරීම් කමිටු සාමාජිකයින්ගේ පැසසුමට ලක්ව තිබෙනවා.
ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ වත්මන් නායක උපුල් තරංග පිතිකරණයෙන් දක්ෂතා දැක්වුවද නායකයෙකු ලෙස අසාර්ථක බවයි තේරීම් කමිටුවේ මතය වී ඇත්තේ. එක්දින කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්නගේ නම් යෝජනා වී ඇති බවද ඉකුත්දා වාර්තා වුණා.
කෙසේ වෙතත් දිනේෂ් චන්දිමාල් වර්තමානයේ එක්දින පිටියේ දක්වන දක්ෂතා පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි තේරීම් කමිටුව පවසා ඇත්තේ. එ්, චන්දිමාල්ට එක්දින කණ්ඩායමේ 11 දෙනා අතරට එ්මද වර්තමානයේ අභියෝගයක් වී ඇති බැවින්. ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් කරන කී‍්‍රඩකයා පිළිබඳව තේරීම් කමිටුව තවදුරටත් සාකච්ඡා කරමින් සිටින අතර එහි අවසන් තීරණය ලබන 30 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
Monday, November 27, 2017
ප්‍රවේගකාරී තරග රටාවක් ඇති ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා නායකත්වයට ගේන්න යයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment