"සිවාජිලිංගම්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි" - සරත් ෆොන්සේකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 19, 2017

"සිවාජිලිංගම්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි" - සරත් ෆොන්සේකා

සිවාජිලිංගම්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ෆීල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිරීමකදී ඒ මහතා ඊයේ (18) මෙම අදහස් පළ කළේය.

එහිදී ඒ මහතා මෙසේ පැවසීය.

“එල්ටීටීඊ කියන්නේ එක ත්‍රස්තවාදී කණ්ඩායමක්.ඒක දේශපාලනය කළේ නෑනේ මේ රටේ.අවිආයුධ අරගෙන පුරවැසියන් ඝාතනය කරමින් වැඩ කරපු කණඩායමක්.ඉතින් සිවාජිලිංගම් වගේ අය අවස්ථාවාදියෝ එහෙම කෑ ගැහැයුවට අනිවාර්යයෙන් රටේ නීතියට අනුව කටයුතු කරන්න ඕනේ.රජයක් හැටියට අපි මැතිවරණවල පොරොන්දු වුණේ දීර්ඝ කාලීනව රඳවා ගෙන ඉන්න අයට සාධාරණයක් ඉෂ්ඨ කරනවා නමුත් නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ කියලා පොරොන්දු වුණේ නෑ.

දැන් අපි නීත්‍යානුකූලව  කෙරිය යුතු නීති කටයුතු කරගෙන යනවා. සිවාජිලිංගම් බලාපොරොත්තු වන ජාතියේ පොරොන්දු අපිට දෙන්න බෑ.ඒවා සිවාජිලිංගම්ට පුළුවන් එක එක තැන ගිහිල්ලා දෙන්න.නමුත් අපිට එවැනි පොරොන්දු දෙන්න බැහැනේ රටේ නීතියට පිටින් ගිහිල්ලා.”

No comments:

Post a Comment

Post Bottom Ad