උමාඔය සහන වැඩසටහන අවුලෙන් අවුලට - ජනපති බදුල්ල දිසාපතිට පිටින් ‘ආපදා කළමනාකරණ යාන්ත්‍ර‍ණයක් පිහිටුවයි‘ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 19, 2017

උමාඔය සහන වැඩසටහන අවුලෙන් අවුලට - ජනපති බදුල්ල දිසාපතිට පිටින් ‘ආපදා කළමනාකරණ යාන්ත්‍ර‍ණයක් පිහිටුවයි‘

උමාඔය සහන වැඩසටහන අවුලෙන් අවුලට - ජනපති බදුල්ල දිසාපතිට පිටින් ‘ආපදා කළමනාකරණ යාන්ත්‍ර‍ණයක් පිහිටුවයි‘
ඉදිරියේ දී සක්‍රීය විය හැකි මෝසම් වැසි තත්වයට මුහුණදීම සදහා බදුල්ල දිසාපති නිමල් අබේසිරි ගෙන් බාහිර යාන්ත්‍ර‍ණයක් සකස් කිරීම සදහා ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.එහි පළමු රැස්වීම් අද පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ. රු. මිලියන 600 ක මුදලක් සහන කටයුතු සදහා ලබාදීමෙන් පසුව ද, සහක කටයුතු සිදු නොවීම හේතුවෙන් මේ වන විට උමාඔය සහන ව්‍යාපෘතිය අවුලෙන් අවුලට පත්වී ඇත. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සමන්විත කාර්යාලයක් බණ්ඩාරවෙල නගරයේ නොවැම්බර් 1 දින සිට ආරම්භ කරනු ඇත. කොන්ත්‍රාත්කාර ෆරාබ් සමාගම සතු නිවාස කිහිපයක් ද, වාහන ද එයට අනියුක්ත කරනු ඇත.

ඉදිරි මාස 4 ක කාලයක් සදහා බදුල්ල දිස්ත්‍රික්කයේ උමාඔය කලාපයේ ඇතිවන සියලු ආපදා සහන කටයුතු මෙම කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතට පත් කරනු ඇත. කැබිනට් තීරණයක් අනුව මෙම කාර්යාලය පිහිටුවා ඇත. එයට අවශ්‍ය සියලු සම්පත් ඉදිරි දින 5 තුල සම්පාදනය කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත. බදුල්ල දිසාපතිවරයාගේ කටයුතු පිළිබද ජනාධිපතිවරයා මේ වන විට අවස්ථා ගණනාවක දී ම නොසතුට පළ කර ඇත. නමුත්, ස්වදේශ කටයුතු ලේකම් නීල් ද අල්විස් හා අමාත්‍ය වජිර අබේවර්ධන සමග පවත්වාගෙන යනු ලබන සමීප සම්බන්ධතාව හේතුවෙන් නිමල් අබේසිරි සිය තනතුර ආරක්ෂාකර ගැනීමට සමත්වී ඇත.

උමාඔය සහන අරමුදලට යොමු කළ රු. මිලියන 100 ක මුදලක් දින 31 ක් පුරා භාවිතයට නොගැනීම, ජනතාවට නිවාස කුලී හා නිවාස වන්දි නොගෙවීම පිළිබද විමර්ශනයක් මේ වන විට ඇරඹී ඇත. විශ්‍රාම ගැනීමෙන් පසුව සේවා දිගුවක් ලබා සිටින බදුල්ල දිසාපති නිමල් අබේසිරි වෙත රු. මිලියන 600 ක මුදලක් ජනාධිපතිවරයා විසින් මහවැලි සංවර්ධන අමාත්‍යාංශය හරහා මේ වන විට ලබාදී ඇත. එයින් එකම කුඩාරමක්, ටකරං මඩුවක්, නල ලිදක්, විකල්ප මාර්ගයක්, තාවකාලික නිවාසයක් ඉදිකිරීමට මේ දක්වා හැකිවී නැත. 

දෙදහසකට වැඩි පිරිසකට ඉඩම් ලබාදීම හෝ රු. 25,000 දක්වා වැඩි කල නිවාස කුලී ලබාදීම හෝ සිදුවී නැත. රජයේ තක්සේකරු නිලධාරීන්ට මාස 3 කින් දීමනා ගෙවා නොමැත. වහා ඉවත් කළ යුතු යැයි රතු සිතියමේ සිතියම් ගත පවුල් 89 ක් හෝ එයට වැඩි සංඛ්‍යාවක් තවමත් මරණ වරෙන්තුවක් සහිතව බණ්ඩාරවෙල, ඇල්ල ප්‍රදේශයන් හි ජීවත්වෙති.

No comments:

Post a Comment

Post Bottom Ad