ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු පළාත් පාලන නියෝජිතයන් ඉතා විශාල බහුතරයක් එළැඹෙන පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා අයදුම් කර ඇත. නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, ප‍්‍රාදේශීය සභාපතිවරුන් සහ උප සභාපතිවරුන්ගෙන් අතිබහුතරයක් ඒ අතර සිටී.
දිවයිනේ සමස්ත පළාත් පාලන ආයතන ප‍්‍රමාණය 334 කි. එම ආයතන සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් මන්ත‍්‍රීවරු 2332 දෙනෙකු පසුගිය නිල කාලය සදහා තේරීපත් වී තිබුණි. ඒ අතරින් 2167 දෙනෙකු පමණ මේ වනවිට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත සිය අපේක්ෂක අයදුම් පත් බාර දී ඇත. එම සංඛ්‍යාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කළ මන්ත‍්‍රීවරුන්ගෙන් 94% ඉක්මවූ ප‍්‍රතිශතයකි.
මේ අතර දුරබැහැර ප‍්‍රදේශවල සිට අය`දුම් පත් යොමු කරන්නන්ගේ ඉල්ලීමකට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස අය`දුම් පත් බාර ගන්නා අවසාන දිනය ඔක්තෝබර් 31 වන දා දක්වා දීර්ඝ කිරීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළේය. ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීම සදහා සම්පූර්ණ කරන ලද අයදුම්පතක් 1316, නෙඵම් මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල යන ලිපිනයට (ලියාපදිංචි තැපෑලෙන්) යොමු කළ හැක. එම ලිපිනයෙහි පිහිටි පක්ෂ මූලස්ථානය වෙත පැමිණීමෙන් හෝ 0112866010 යන දුරකතන අංකය ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැක.
– සංජීව එදිරිමාන්න
Wednesday, October 25, 2017
Home
දේශපාලන පුවත්
ශ‍්‍රීලනිප පුංචි මන්ත‍්‍රීන් 94%ක් පොහොට්ටුවෙන් නාමයෝජනා ඉල්ලයි.. නෙළුම් කාර්යාලය පිරී ඉතිරේ..
ශ‍්‍රීලනිප පුංචි මන්ත‍්‍රීන් 94%ක් පොහොට්ටුවෙන් නාමයෝජනා ඉල්ලයි.. නෙළුම් කාර්යාලය පිරී ඉතිරේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment