පෝලන්ත සුදු දැරියගේ හිරි ඔතප් බින්ද හික්කඩු තරුණයා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 25, 2017

පෝලන්ත සුදු දැරියගේ හිරි ඔතප් බින්ද හික්කඩු තරුණයා


හික්කඩුව මුහුදේ නාමින් සිටි පෝලන්ත ජාතික එකොළොස් හැවිරිදි බාල වයස්කාර දැරියකගේ ශරීරය අනවශ්‍ය අන්දමින් ස්පර්ශ කරමින් ලිංගික අතවර කළ බව කියන සිද්ධියේ පැමිණිලිකාර මවට හා දියණියට 2018 ජනවාරි මස 19 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අසංගා අයි. හෙට්ටිවත්ත මහත්මිය පෙරේදා (23දා) සිතාසි නිකුත් කළාය. 

පැමිණිලිකරුවන්ගේ විදේශ ලිපිනයට ජාත්‍යන්තර පොලිසිය හරහා හෝ ශ්‍රී ලංකාවේ පිහිටි පෝලන්ත තානාපති කාර්යාලය හරහා සිතාසිය යැවීමට කටයුතු කරන ලෙසද මහෙස්ත්‍රාත්තුමිය මෙහිදී හික්කඩුව පොලිසියට දැනුම් දුන්නාය. මෙසේ සිතාසි නිකුත් කරන ලද්දේ පෝලන්තයේ පදිංචි අගස්තා එමිලා (37) සහ අගස්තා මර්තා බිකිලිස් (11) යන දෙදෙනාටය. සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මේ වන විට රුපියල් ලක්ෂය (1,00,000) බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.

මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ රත්නපුර, හිදැල්ලන පදිංචි 24 හැවිරිදි අයෙකි. පෝලන්ත ජාතික දැරිය ඇතුළු පවුලේ අය සති දෙකක නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණ හික්කඩුව, 'හික්කාට්‍රාන්ස්' හෝටලයේ නතර වී සිටින අතර වාරයේ සිය මව සමඟ හික්කඩුව මුහුදේ නාමින් සිටියදී මෙම අතවරයට ලක්ව තිබේ. සැකකරුද තම ගම් ප්‍රදේශයේ පිරිසක් සමඟ විනෝද චාරිකාවක් යන අතරතුර හික්කඩුව මුහුදේ නාන්නට පැමිණ තිබෙන බවත් එහිදී සැකකරු දියයටින් ගොස් දැරියගේ ශරීරය අනවශ්‍ය අන්දමින් ස්පර්ශ කර ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

සිද්ධිය ගැන දැරිය සිය මවට පවසා මව සමඟ ගොස් මුහුදු වෙරළේ ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට දන්වා තිබේ. ඔවුන් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හික්කඩුව පොලිසියට භාර දී තිබේ. හික්කඩුව පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න මෙන්ඩිස් මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් කපිල (22602) සැකකරු උසාවියට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

බළපිටිය - දම්සරී ලියනගේ

No comments:

Post a Comment

Post Bottom Ad