ඇමැති විජයදාස ගැන එජාපය අවසන් තීන්දුවකට සැරසෙයි - ඒකාබද්ධයේ සහාය විජයදාසට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 14, 2017

ඇමැති විජයදාස ගැන එජාපය අවසන් තීන්දුවකට සැරසෙයි - ඒකාබද්ධයේ සහාය විජයදාසට

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 17 වනදා රැස් වන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ගන්නා බව එජාප ආරංචි මාර්ග පවසයි.

අමාත්‍ය මණ්ඩලයේ සාමුහිකත්වය කඩ කිරීම සහ අධිකරණ අමාත්‍ය ධුරයේ වගකීම නිසි ලෙස ඉටු නොකළ බව පවසමින් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් විජේදාස රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානමක් තිබිණි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තාවේ.

ඒකාබද්ධය විජයදාසගේ පැත්ත ගනී..

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසූවේ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 52ම ඇමැතිවරයාට සහාය ලබා දෙන බවයි. ඒකාබද්ධ විපක්ෂය විජයදාස රාජපක්ෂ මහතාට සහයෝගය දෙන්නේ කොන්දේසි විරහිතව බව ද ආණ්ඩුවේ ඉන්නා කෙනකුට ආණ්ඩුවෙන්ම විශ්වාස භංග ගෙන එන ලෝකයේ කිසිම රටක් නැති බවත් පෙන්වා දුන් ඒ මහතා විශ්වාසභංගය ගෙන එන්නේ විජයදාස මහතා හරිආකාරව වැඩ කටයුතු සිදුකරන නිසා බවත් කියා සිටියේය.

විජයදාස සාමූහික වගකීම කඩලා..

හම්බන්තොට වරාය නැවත රජයට පවරා ගන්නා බවට විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා ප්‍රකාශ කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීමකැයි කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පසුගිවදා පැවැති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී පැවසී ය. විජයදාස මහතාගේ එම ප්‍රකාශය ලබන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන තීන්දුවක් ගන්නා බවද ඇමැතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad