"රවීගේ විශේෂ ප්‍රකාශය බොරු" - බන්දුල හෙළි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 14, 2017

"රවීගේ විශේෂ ප්‍රකාශය බොරු" - බන්දුල හෙළි කරයි

විදේශ විනිමය වංචා නඩුවෙන් රවී කරුණානායක මහතා නිදොස්කොට නිදහස් කළ බවට පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සාවද්‍ය බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (13) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමිනි.

මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා  සිටියදී බලය අයුතු ලෙස පාවිච්චි කිරීම පිලිබඳ චෝදනා රාශියක් එල්ල වී තිබෙන බවත් අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වීම පමණක් මෙයට ප්‍රමාණවත් නොවන බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ මහතා සඳහන් කරනු ලබන්නේ මේ චෝදනා එකින් එක රටේ පවතින නීතිය අනුව විභාග කළ යුතු බවත් ඒ මහතා ඉල්ලා අස්වීමේ ප්‍රකාශනයේදී පැවසුවේ තමන් විදේශ විනිමය වංචා නඩුවෙන් නිදොස් කොට නිදහස් වුණ බවත්ය.

එය සම්පුර්ණයෙන්ම  සාවද්‍ය ප්‍රකාශයක් බව පවසන බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ ඒ නඩු තීන්දුව බොහොම පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවත් නීතිපතිතුමාට අධි චෝදනා පත්‍රය නිවැරදි කර යළි නඩු පවරන්න හැකියාවක් ඇති බවත්ය. එහිදී නිදොස් කොට නිදහස් කිරීමක් නොමැති බවත් එලෙස  දැනුවත් කිරීමට යන මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කට උත්තර දීමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad