"තිරය පිටුපස දෙතුන් දෙනෙක්" - රවීගෙන් ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 14, 2017

"තිරය පිටුපස දෙතුන් දෙනෙක්" - රවීගෙන් ප්‍රකාශයක්

ඇතැම් අවස්ථාවලදී අසාධාරණ චෝදනා මාධ්‍ය තුලින් සංදර්ශයක් බවට පත් කර තිබෙන බව අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (13) උදෑසන මහනුවරදී අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය. ඒ මහතා සඳහන් කරන්නේ මාධ්‍ය මේ කියන සද්දය අනිත් අයට කලාද යන බවත් එලෙස සිදු කිරීමට කිසිසේත්ම ආත්ම ශක්තියක් නැති බවත්ය. 

මේවා මෙහෙයවනු ලබන්නේ දෙතුන් දෙනෙකු තිරය පිටු පස සිටන බවත් මේ වගේ මෙවැනි වැඩ කාටවත් නොකරන ලෙසත් සඳහන් කළ අමාත්‍යවරයා නීතිපති දෙපාර්තමේන්තුව හැසිරුණ ආකාරය අනිවාර්යයෙන්ම එතනට ගෙනියන බව සඳහන් කළේය. මාව ආදර්ශයක් කරගෙන කටයුතු කරන්න පුලුවන්නම් පැය 48කින් අනිත් කාරණා පිළිබඳව ඒ ආකාරයෙන්ම කරන ලෙසත් ඒවාට මුහුණ දීමට තමාට පුළුවන් නම් අනෙක් පුද්ගලයින්ට බැරි ඇයි දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා 10 වනදා  පාර්ලිමේන්තුවේදී  විශේෂ ප්‍රකාශයක් කරමින්  සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය. බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහුගේ නමද සම්බන්ධ වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඇමතිවරයාගෙන් පසුගියදා බැදුම්කර වංචා පිලිබඳ විමර්ශන කොමිසම ප්‍රශ්න කරනු ලැබිය. මේ හේතුවෙන් රවී කරුණානායක මහතාට ඇමති ධූරයෙන් ඉවත් වන ලෙස  මැති ඇමතිවරු රැසක් ඉල්ලීම් කර තිබිණි.පසුව ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමු වී විශේෂ සාකච්ජාවක් පැවැත්වීමෙන් අනතුරුව රවී කරුණානායක මහතා පසුගිය 10 වනදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad