රටක සමාන්‍ය පුද්ගලයකුට චෝදනාවක් එල්ල වු අවස්ථාවක එරටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරයෙන්ම සමස්ථ ජනතාවටම පක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසිය හා නීතිය පසදලීමේ අධිකරණය සිදු කිරීම යහපාලන මෙන්ම ගුණ ගරුක සමාජයක සිදු විය යුතු මූලික මිනිස් අයිතිවාසිකම කි.
පුරවැසියකුට ඕනම චෝදනාවක් එල්ල වූ අවස්ථාවක එම චෝදනාවට සම්බන්ධයව අධිකරණය ඉදිරියේ ඔප්පු කොට දඩුවම කිරීම හෝ එම චෝදනාවලින් නිදහස් කිරීම රටේ ස්වාධීන අධිකරණය තුල සිදුවන ක්රියාදාමයකි. එම චෝදනා පදනම් විරහිතව පෞද්ගලික පලිගැනීමක් හෝ දේශපාලන පලිගෑනිමක් මත පොලිසිය විසින් කරන ලද්දක් දැයි ඔප්පු කිරීම හෝ නොකිරීම රජයේ නීතිඥවරුන්ගේ මෙන්ම චූදිත පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ අයිතිය හා වගකීම මෙන්ම එය රටේ මූලික මිනිස් අයිතිවාසිකමක් සුරැකිමකි.
එහෙත් අද වනවිට ස්වාධීන අධිකරණයක් ස්වාධීන පොලිසියක් ඇත කියන යහපාලන ආණ්ඩුව රාජපක්ෂලාට දඩුවම් කරන්න හදිසියේම ජනාධිපති ඇතුළු රාජිත, චම්පික අමරවීර යන අමාත්‍යවරුන් විසින් පොරයක යෙදි සිටින අයුරු මාධ්‍ය මෙන්ම සති අග පුවත්පත් වාර්තා කරයි. මෙම තත්වය රටේ තිබෙන සාමාන්‍ය නීතිය හා අධිකරණය අභිබවා ක්‍රියාත්මකවිමට ගන්නා උත්සහයක් බව අමාත්‍ය මහින්ද සමරසිංහගේ පුවත්පත් සාකච්ඡාවෙන් අනාවරනය වේ. “පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාට පැවරීම හා ඒ අනුව මාස 3 ක් ඇතුලත ප්‍රතිඵලය පෙන්වීම” ට හැකිය යන්න අමාත්‍යවරයා එහිදි පැවසිය.
“මහින්ද රාජපක්ෂ ඉදිරි කාලයේදී බලයට පැමිනිය හැකි බවත් එවිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු එම පවුලේ උදවියට ඉන් විශාල ප්‍රශ්නයක් වන බවත්” එබැවින් ඊට පෙර රාජපක්ෂ වරුන්ට විරුද්ධව ඇති චෝදනා මාස 3 ක් ඇතුලත විභාග කොට දඩුවම් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට “පොලිසිය අයත් නීතිය හා සාමය කටයුතු අමාත්‍යාංශයත් රටේ නීතිපති දෙපාර්තමේන්තුවත් ජනාධිපතිවරයා ඉල්ලූ පරිදි ක්ෂණිකව එතුමා යටතට පත් කළ යුතුය” ය බවට හෙතෙම වැඩි දුරටත් පැවසීය.
මෙය සුලුකොට තැකිය නොහැක, මෙම ප්‍රකාශය වර්තමාන විධායක ජනාධිපතිවරයාගේ තීන්දුවකි. මෙයින් පැහැදිලි වනුයේ රාජපක්ෂවරුන්ට නගපු චෝදනා පදනම් විරහිත වුවත් මොන ආකාරයෙන් හෝ එවා පොලිසිය මගින් ගොනුකර ඔප්පු කොට නීතිය හමුවේ දඩුවම් කිරීම නොවේදැයි යන්න නිතී ක්ෂේත්රය බොහො දෙනෙකු මෙන්ම රටේ බුද්ධිමත් පිරිස අතර සංවාදයක් හට ගෙන ඇත. මෙය එක ආකාරයකින් ප්රභාකරන්ගේ සිහිනයක් වු ඊලාම් රාජ්‍යට මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ අය ගෙනිහින් දුන්නා වැනිය, එම අර්ථයක් ආණ්ඩුවේ පාර්ශ්වයේ ප්රවෘත්ති සාකච්ඡා හොදින් අධ්‍යයනය කිරීමේදි වැටහා ගැනීමට ඉතා පහසුය.
වීඩියෝව මෙතනින්
– මහසෙන් FB
Sunday, July 9, 2017
Home
දේශපාලන පුවත්
මහින්ද බලයට ආවොත් මෛත්‍රී අනතුරේ.. රාජපක්ෂලාට දඩුවම් කරන්න පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති ඉල්ලුවා..- මහින්ද සමරසිංහ
මහින්ද බලයට ආවොත් මෛත්‍රී අනතුරේ.. රාජපක්ෂලාට දඩුවම් කරන්න පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති ඉල්ලුවා..- මහින්ද සමරසිංහ
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment