මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථකව සිදු කිරීමට මහනුවර මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් සමත්ව තිබේ. මෙම සැත්කමට ලක්වූයේ තිස් හය හැවිරිදි කාන්තාවකටය.
හදවත ලබාගත්තේ රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලැබ මහනුවර මහ රෝහලේ ස්නායූ ශල්‍ය ප්‍රතිකාර ඒකකයේ යන්ත්‍ර මගින් හෘද ස්පන්දනය පවත්වා ගෙන ගිය 23 හැවිරිදි තරුණයකුගෙනි. ඔහුගේ මොළය මියගිය බවට තහවුරු වීමෙන් පසු ඥාතීන්ගේ අවසරය මත එම තරුණයාගේ හදවත මේ කාන්තාවට බද්ධ කළ බව මහනුවර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කර තිබේ.
මෙම හදවත් බද්ධය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 20 දෙනකු ගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව තිබෙන අතර ශල්‍යකර්මය සාර්ථකව නිම කිරීමට ඔවුනට පැය 08 ක කාලයක් ගතව ඇත. ඉකුත් 07 දා සාර්ථකව මෙම බද්ධ කිරීම සිදු කළ පසුව කාන්තාව හෘද රෝග දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ තත්ත්වය යහපත් බවත් අධ්යක්ෂ රත්නායක මහතා කීවේය. අනතුරට ලක්ව මියගිය තරුණයාගේ වකුගඩු දෙකද වකුගඩු රෝගීන් දෙදෙනකුට සාර්ථකව බද්ධ කර තිබේ. මෙය මෙරට වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කමයි.
Monday, July 10, 2017
ලංකාවේ පළමු හදවත් බද්ධ සැත්කම සාර්ථකයි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment