තමනට මෙතෙක් ක්‍රිඩා අමාත්‍යාංශය හරහා ගෙවූ මාසික දීමනාව නොයෙකුත් හේතු කියමින් වර්තමාන ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් නවතා දැමීම නිසා ඇයට හිමිව තිබු ශ්‍රී ලංකාවට ඉතා වටිනා රිදි පදක්කම් වෙන්දේසි කොට ජිවත් වීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට තීරණය කල බව ඔලිම්පික් රිදී පදක්කම් ලාභි කෙටි දුර ධාවන ශූරි සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසන්නීය.
මේ ගැටලුව සම්බන්ධව ඇය විසින් වර්තමාන ක්‍රිඩා අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය දැඩිව විවේචන කරනු ලැබුවේ මේ සතියේදී දෙරණ රූපවාහිනියේ “මොකද වුණේ” වැඩසටහනට සහභාගි වෙමිනි. එහිදි ඇය විසින් පැවසුවේ දයා සිරි ජයසේකර වර්තමාන ක්‍රිඩා අමාත්‍යවරයා අන්ද කයිප්පු කා සිටින බැවින් බොහෝ දේ ඔහුට තේරුම් ගන්න බැරි බවත් රටේ ජනතාව තමාව අමතක නොකරන නිසා ඉදිරියේදී වෙන දෙය බලා ගත හැකි බවකි.
කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා තමා සංවිධායක ධූරය දරණ පඩුවස්නුවර ආසනයේ පඩුවස්නුවර විවිධ සේවා සමූපකාර සමිතියේ පරිශ්‍රය තුලට කඩා වැදුන අමාත්‍යවරයා ඇතුළු මැර පිරිසක් එහි සමාජිකයින්ට මෙන්ම සමූපකාර සභාපතිවරයාට විරුද්ධව විශ්වාස භංගය ගෙන ඒමට සුදානම් වූ අධ්‍යක්ෂවරයෙකුටද පහර දී එම සාමකාමී මහා සභා රැස්වීම කඩාකප්පල් කලහ.
Monday, June 12, 2017

දයාසිරි අන්දකයිප්පු කාලා.. දයාසිරි චන්ඩියාට සුසන්තිකා දෙරණේදී බඩ පුරා නෙලයි..[Video]
Tags
# ඕපාදුප
Share This

About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment