ලොව වේගවත්ම මිනිසුන්ගේ පරාදීසය ජැමෙයිකාවයි. ජැමෙයිකාවෙන් බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා යයි අවිවාදයෙන් හැඳින්විය හැකි උසේන් බෝල්ට් ජැමෙයිකානු මලල ක්‍රීඩා පිටියෙන් අද (11 වැනිදා) සමුගත්තේය. සිය මවුබිමේදී අවසන් වතාවට මීටර 100 තරගයකට සහභාගි වූ බෝල්ට් තරගය ජයගැනීමෙන් පසුව ධාවන පථය වෙතට නැමී මහත් භක්ත්‍යාදරයෙන් එය සිපගත්තේය.
තවමත් 30 හැවිරිදි වියේ සිටියද මේ වන විටත් තරගකාරී මලල ක්‍රීඩා පිටියෙන් ක්‍රම ක්‍රමයෙන් ඉවත් වෙමින් සිටින උසේන් බෝල්ට් ලබන අගෝස්තු මාසයේදී එංගලන්තයේ පැවැත්වෙන මලල ක්‍රීඩා ශූරතාවලියෙන් පසුව අන්තර්ජාතික තරග බිමෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ඔහු ඔලිම්පික් තරග බිමෙන් සමුගත්තේය.
‘විශිෂ්ටයකුට ආචාරය’ යනුවෙන් හඳුන්වන ලද බෝල්ට්ගේ අවසන් මීටර 100 තරගය පහසුවෙන් ජයගැනීමට බෝල්ට් සමත් වූවත් තරගයට පෙර කිසියම් චකිතයක් පැවැති බව බෝල්ට් පිළිගත්තේය.
“හප්පා…ඒක ඉවරයි..යන්තම් ඉවරයි”
“මා හිතන්නේ මීට පෙර කිසිම දවසක මා මේ තරම් චකිතයකට පත්වෙලා සිටියේ නෑ” යයි උසේන් බෝල්ට් තරගයෙන් පසුව කීවේය. ඔහුගේ තරග කාලය සටහන් වූයේ තත්ත්පර 10.03 ක් ලෙසිනි. බෝල්ට්ගේ අවසන් ධාවනය සියැසින් දැකගැනීමට 30,000 කට වැඩි පිරිසක් කිංග්ස්ටන් නුවර ක්‍රීඩාංගණයට එක්රැස්ව සිටියහ. තරගයෙන් පසුව ක්‍රීඩාංගණය වටා දිවයමින් බෝල්ට් ඔවුනට ආචාර කරද්දී දිගු නලා පිඹිමින්, ඔල්වරසන් දෙමින්, කොඩි වනමින් ක්‍රීඩා ලෝලීහු මේ විශිෂ්ටයාට ප්‍රතිචාර දැක්වූහ. ජැමෙයිකාවේ අගමැති ඇන්ඩෲ හෝල්නෙස් සහ අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබස්තියන් කෝ (හිටපු ඔලිම්පික් ශූරයා) යන මහත්වරුද නරඹන්නන් අතර සිටියහ.
කෙසේ වෙතත් මේ තරගය සම්බන්ධයෙන් බෝල්ට් එතරම් ප්‍රසාදයට පත්වූ බවක් නොපෙන්වීය. බෝල්ට්ගේ උත්සාහය වූයේ මෙම තරගයේදී අබාධයකට ලක්වීමකින් තොරව අගෝස්තුවේදී පැවැත්වෙන මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියට සහභාගි වීමේ අවස්ථාව ඉතිරිකර ගැනීමයි. “බොහෝ වෙලාවට මේක මගේ දුර්වලම තරගයක්. මට ඕනෑ කළේ නරඹන්නන්ට යමක් දීමට වගේම වසර ගණනාවක් පුරා ඔවුන් මට දැක්වූ සහයෝගයට ස්තුති කිරීමයි”
“මා මේ වැනි දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. මා දැනගෙන හිටියා ඒක ටිකක් ලොකු අවස්ථාවක් වේවි කියලා. ඒත් මේ තරම් දෙයක් මා බලාපොරොත්තු වුණේ නෑ” යයිද බෝල්ට් පැවසීය. බෝල්ට් ජැමෙයිකාවේදී සිය මලල ක්‍රීඩා ගමන අවසන් කළේ මෙයින් වසර 15 කට ඉහතදී ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වූ ක්‍රීඩාංගණයේදීමය. එය ඔහුගේ පළමු වැනි අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගයද විය.
මීටර 100, මීටර 200, මීටර 100 ං 4 ඉසව් වලදී පිට පිටම ඔලිම්පික් රන් පදක්කම් දිනා සිටින උසේන් බෝල්ට් ත්‍රිත්ව ත්‍රිත්වයක් හඹා ගියද අවසානයේදී ඔහුට එය අහිමි වූයේ 2008 බීජිංහි කණ්ඩායම් සගයකුව සිටි නෙස්ටර් කාටර් මත්ද්‍රව්‍ය ගැනීමේ චෝදනාවට හසුවීමෙනි. නෙස්ටර් ඒ වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කර ඇතත් මීටර 100 (තත්ත්පර 9.58) සහ මීටර 200 (තත්ත්පර 19.19) ඉසව් දෙකේම ලෝක වාර්තාවේ හිමිකරු උසේන් බෝල්ට්ය.
අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබස්තියන් කෝ මහතා පවසන පරිදි ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම කෙටි දුර ධාවන ශූරයා උසේන් බෝල්ට්ය. “අපේ ජීවිත කාලයේදී අපට නැවතත් ඒ වගේ කෙනෙක් දකින්න ලැබෙන්නේ නෑ” යයිද සෙබස්තියන් කෝ මහතා පවසා තිබිණ.
-kelimadala
Monday, June 12, 2017

ලොව වේගවත්ම මිනිසා ජයග‍්‍රාහී ලීලාවෙන් ජැමෙයිකාවට සමුදෙයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment