බුදුරුවට නිගරුකළ කාන්තාවගේ රෙදි ගැලවේ ( Video ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 10, 2017

බුදුරුවට නිගරුකළ කාන්තාවගේ රෙදි ගැලවේ ( Video )

ලංකාව තුළ කිසිම ආගමකට අගෞරව වෙන විදියට හැසිරෙන්න දේශීය හෝ විදේශීය ජතිකයෙක්ට නීතියෙන් අවසර නැහැ. ඒ ලඟදි දවසක ත්‍රිකුණාමලය කන්නියා උණුදිය උල්පත් අසල කාන්තාවක් බුදුරුවක ඡායාරුපයක් සහිත ඇඳුම ඇඳගෙන ඉඳලා.

ඇය ඒ ප්‍රදේශයට සංචාරයක් සඳහා පැමිණි සංචාරක කාන්තාවක් බව කියවෙනවා. මේ පිලිබදව එම ප්‍රදේශයේ ලොකු කලබලයක් ඇති වෙලා තියනවා. මේ කාන්තාව රථ වාහන නැවතුම් පොලේදී මෙම ඇඳුම ඇඳගෙන ගමන්කරණු දුටු එම රථ වාහන නැවතුම් පොලේ කිහිපදෙනෙක් මේ පිළිබඳව ඇය පැමිණි කණ්ඩායමේ සංචාරක මාර්ගෝපදේශකයා දැනුවත් කිරීමට කටයුතු කරලා. නමුත් ඔහු නිහඬ පිළිවෙතක් තමයි අනුගමනය කරලා තියෙන්නේ.

මේ පිළිබඳව ඉන්පසු පොලිසිය දැනුවත් කරන්න ඔවුන් කටයුතුකරලා තියනවා. ඉන්පසු මෙම ස්ත්‍රිය ඔවුන් පැමිණි රථයට ගොස් එම ඇඳුම ඉවත්කර එය පොලිසියට බාර දුන් බව දැනගන්න ලැබෙනවා. මෙම සිදුවීම බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක් වෙලා තිබෙනවා, ඒ විතරක් නෙවෙයි සමාජ මාධ්‍යවල මේ පිලිබඳව විශාල කතාබහක් ඇතිවෙලා තියනවා. ලංකාව තුල මෙවැනි ඇඳුම් විකිණීම පවා තහනම් බැවින් සංචාරක මාර්ගෝපදේශකයන් තම පිරිස කලින් මේ පිලිබන්දව දැනුවත් කිරීම වඩා යෝග්‍ය වෙනවා.

එහෙම නැත්නම් රට තුල විශාල ගැටලුකාරී තත්වයක් පවා මෙවැනි සිදුවීම් හේතුවෙන් ඇතිවෙන්න පුළුවන්. මිනිසුන් එකිනෙකාගේ ආගම්වලට ගරු නොකිරීම මෙම ගැටළු වැඩිවීමට හේතුවෙලා තියනවා.

එම වීඩියෝව පහතින් දැක්වෙනවා. ( හිරු පුවත් )


No comments:

Post a Comment

Post Bottom Ad