කාටාර් ගිණිගත් වෙලාවේ සුරුට්ටුව පත්තු කරගමු! – මත්තල ගොඩදාගන්න හැටි මෙන්න (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 10, 2017

කාටාර් ගිණිගත් වෙලාවේ සුරුට්ටුව පත්තු කරගමු! – මත්තල ගොඩදාගන්න හැටි මෙන්න (Exclusive)

මේ දිනවල කටාර් රාජ්‍යය ආශ්‍රිතව ඇතිවී තිබෙන රාජ්‍යතාන්ත්‍රික අර්බුදය නිසා එටට අයත් ගුවන් සේවා (කටාර් එයාට්වේස් ඇතුලුව ) බරපතල අර්බුදයකට මුහුණ පා ඇති අතර ගුවන් ගමන් වාර රැසක් අවලංගු කිරීම නිසා ගුවන් යානා නිකරුනේ කටාර් ගුවන්තොටුපලේ නවත්වා තිබෙනවා. මෙම අර්බුදයෙන් ලංකාවට ලබාගත හැකි වාසි මොනවාද?

මත්තල ගුවන්තොටුපල සුදු අලියෙක් බවට පසුගිය සමය පුරාම දැඩි කතාබහට ලක්වූ කරුණක්. නමුත් කටාර් අර්බුදය හමුවේ අපට මත්තල ගුවන්තොටුපල ගුවන් කේන්ද්‍රස්ථානයක් කිරීමේ හැකියාවක් ඇති බවට මතයක් පළවී තිබේ. බෝයිං සමාගමේ හිටපු ඉංජිනේරුවරයෙකු වන තිලක් දිසානායක මහතා පවසන පරිදි මත්තල ගුවන්තොටුපල කටාර් රාජ්‍යයට අයත් ගුවන් යානා වල මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල පත්කල හැකිනම් ඒ හරහා අපට විශාල ආදායමක් ලැබිය හැකි වනු ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මේ සඳහා මුල්තැන ගන්නේ නම් කටාර් රාජ්‍ය සමඟ සාකච්ජා කර ඒ සඳහා කඩිනම් පියවර ගැනීමට හැකිවනු ඇත. කටාර් රාජ්‍යය යනු ධනවත් රාජ්‍යයක් බැවින් ඔවුන්ට සේවා සැපයීම හරහා හම්බන්තොට සුදු අලියා කොල අලියෙකු බවට පත්කර ගත හැකි බව විද්වතුන්ගේ මතයයි. තිලක් දිසානායක මහතා මේ පිළිබඳ ෆේස්බුක් හී තැබූ සටහන පහතින් දැක්වේ.




No comments:

Post a Comment

Post Bottom Ad