යුද්ධය නිමා වීමෙන් පසු උතුරු දුම්රිය මාර්ගය පිළිසකර කිරීම සඳහා විදේශ ණය සහ දේශීය අරමුදල් මඟින් රුපියල් කෝටි 7300 කට ආසන්න මුදලක් වැය කර ඇතැයි අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අනුව විදේශ ණය වශයෙන් රුපියල් කෝටි 6842 කට වැඩි මුදලක් ද,දේශීය අරමුදල් වශයෙන් රුපියල් කෝටි 440 කට වැඩි මුදලක්ද වැය කර ඇති බව තව දුරටත් සඳහන් වේ. 2011-2013 දක්වා කාලය තුළ දී විදේශ ණය යටතේ රුපියල් කෝටි 3443 ක් හා දේශීය අරමුදල් මඟින් රුපියල් කෝටි 241ක්ද ,2014 වර්ෂයේ විදේශ ණය යටතේ රුපියල් කෝටි 2028 ක් හා දේශීය අරමුදල් මඟින් රුපියල් කෝටි 73ක් ද,2015 වසරේ විදේශ ණය යටතේ රුපියල් කෝටි 1372 ක් හා දේශීය අරමුදල් මඟින් රුපියල් කෝටි 54ක්ද,2016 වසරේදී දේශීය අරමුදල් මඟින් රුපියල් කෝටි 69ක්ද,2017 වසරේදී දේශීය අරමුදල් මඟින් රුපියල් කෝටි 03ක් ද වැය කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.
දැනට එම දුම්රිය මාර්ගයේ දුම්රිය වාර අටක් ගමන් ගන්නා බවද තව දුරටත් ප්‍රකාශ කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා විසින් ඇසු පැනයට පිළිතුරු ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 1905 අගෝස්තු 1 වැනිදා ඉදිකර ඇති මෙම දුම්රිය මාර්ගයේ 1983 වර්ෂය වන විට යාල්දේවි දුම්රිය දිනකට ගමන්වාර 2ක් සිදු කර ඇති බවයි.
එම දුම්රිය මාර්ගය මඟින් 1980 වසරේදී රුපියල් කෝටි 35ක්ද,1981 වසරේදී රුපියල් කෝටි 40ක්ද,1982 වසරේදී රුපියල් කෝටි 43ක්ද,1983 වසරේදී රුපියල් කෝටි 44ක්ද අදායම් ලබා තිබුණ බවද අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

No comments:
Post a Comment