සයිටම් රෝහල කෝටි 350කට තක්සේරු කරයි - ඉදිරි සතියේදී රජයට පවරා ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 10, 2017

සයිටම් රෝහල කෝටි 350කට තක්සේරු කරයි - ඉදිරි සතියේදී රජයට පවරා ගනී

සයිටම් රෝහල කෝටි 350කට තක්සේරු කරයි - ඉදිරි සතියේදී රජයට පවරා ගනී
රුපියල් කෝටි තුන්සිය පනහකට තක්සේරු කර ඇති මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරි සති දෙක ඇතුළත රජයට පවරා ගැනීමට නියමිත බව වාර්තා වේ. උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස රෝහල රජයට පවරාගනු ලබන්නේ කිසිදු ගෙවීමකින් තොරවයි.

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පැවරීමත් සමග සියයට 51ක් සහ සියයට 49ක් වශයෙන් කොටස් හිමි පාලක මණ්ඩලයක් යටතේ රෝහල පාලනය කෙරෙන බව රජයේ ආරංචි මාර්ග පවසයි. මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොටස් කොටස් වෙළෙඳපොලේ විවෘතව විකිණීම ලබන සතියේදී සිදු කිරීමට නියමිතය.

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට බාරදීම එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ පූර්ණ එකඟත්වය යටතේ සිදුවන බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad