“රජයේ සේවකයන්ගේ වැටුප් අත්තිකාරම් ලැබී නෑ“ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 10, 2017

“රජයේ සේවකයන්ගේ වැටුප් අත්තිකාරම් ලැබී නෑ“

“රජයේ සේවකයන්ගේ වැටුප් අත්තිකාරම් ලැබී නෑ“
ගංවතුරෙන් විපතට පත් රජයේ සේවකයන්ගේ විනාශ වූ ජන ජිවිතය යළි ගොඩ නඟා ගැනීම සඳහා පොලී රහිත මාස 6ක වැටුප් අත්තිකාරමක් මෙතෙක් ලබා නොදීම ගැන කණගාටුව පළ කරන රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය එය කඩිනමින් ලබා දීම සඳහා පුර්ණ අවධානය යොමු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි.

විපතට පත් රජයේ සේවකයන්ට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ කාලය සඳහා විශේෂ නිවාඩු අනුමත කරමින් චක්‍රලේඛනයක් නිකුත් කිරීම පිලිබඳ ස්තූතිය පළ කරන එම වෘත්තිය සමිති සම්මේලනය 2011 ඇති වූ මෙවැනිම ව්‍යසනකාරී තත්වයක් යටතේ එවකට පැවති රජය විපතට පත් රජයේ සේවකයන්ට පොලී රහිත මාස තුනක වැටුප් අත්තිකාරමක් ලබාදුන් ආකාරය සිහිපත් කරමින් ඊට අදාලව 2011.03.03 නිකුත් කළ අංක 3/2011 (1) දරන චක්‍රලේඛයේ පිටපතක් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා, රාජ්‍ය පරිපාලන සහ මුදල් අමාත්‍යවරුන් ඇතුළු බලධාරීන්ගේ අවධානයට මෙම ලිපියේ පිටපතක් යවා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad