ලංකාවේ තරුණයෙක් ජපානයේදි Prado එකක් උස්සන්න හදලා ලොකුවටම නම කැත කරගෙන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 25, 2017

ලංකාවේ තරුණයෙක් ජපානයේදි Prado එකක් උස්සන්න හදලා ලොකුවටම නම කැත කරගෙන

ජපානයේ FNN පුවත් වෙබ් අඩවිය ශ්‍රී ලාංකිකයෙකු ගැන ආන්දෝලනාත්මක පුවතක් වාර්තා කරලා තියෙනවා. ( Tokyo ) එම පුවත් අඩවිය කියන විදියට ලංකාවේ තරුණයෙක් ටෝකියේ නගරයේ නිවසක නවතා තිබු Prado ජීප් රථයක් එකක් හොරකම් කරන්න උත්සහ කරලා තියෙනවා. ඒ බව දැනගෙන තියෙන්නේ ඒ අසළ තිබුණු CCTV කැමරාවක සටහන්ව තිබු දර්ශන පරික්ෂා කිරීමෙන් අනතුරුව. 

මේ පිළිබඳව අදාළ නිවැසියා පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව එම තරුණයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා. මෙම FNN පුවත් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට එම තරුණයාව අවුරුදු 5කට හිරේ යවලා තියෙනවා. මිහිරාන් කියන මේ තරුණයාගේ වයස අවුරුදු 22ක්. මොහු ශ්‍රී ලාංකිකයෙක් කියලයි FNN පුවත් සේවය නම් කියන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad