යුරේනි නොෂිකා හොලිවුඞ් චිත‍්‍රපටයක නිරුවතින් රගපාන්න සුදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 25, 2017

යුරේනි නොෂිකා හොලිවුඞ් චිත‍්‍රපටයක නිරුවතින් රගපාන්න සුදානම්..

* යුරේනි මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

සින්දුවක් කළා ”චුයින්ගම වගේ කොල්ලෝ” කියලා . ඉතින් ලගදීම බලාගන්න පුළුවන් වෙයි ලස්සන මියුසික් වීඩියෝවකුත් එක්ක.

* දැන් යන මියුසික් වීඩියෝ වල පොඩි Sex Meaning එකක් තියෙනවා, ඔයාගේ වීඩියෝවෙත් එහෙමද?

ඒක බලාගන්න පුළුවන් ආපුවම.

* මියුසික් වීඩියෝ වල sex Seen ඇතුලත් කිරීම ගැන යුරේනි මොකද හිතන්නේ?

අනිත් ඒවා මම දන්නේ නෑ ඉතින් මගේ මතයනම් Art එක Art එකක් වෙන්න අඩ නිරුවත වගේ දෙයක් අවශ්‍යනම් නිර්මාණයට හානියක් නොවෙන්න ලිංගිකත්වය පාවිච්චි කලාට කමක් නෑ.

* ඒ කියන්නේ Art එකක් තියෙනවනම් නිරුවත ප්‍රශ්නයක් නැද්ද?

නිරුවත කියන්නෙත් Art එකක්නේ, ලෝකයේ හොදම චිත්‍ර ශිල්පියෝ ගත්තත් භාගයක්ම ඔවුන්ගේ චිත්‍ර නිරුවත් නේ. ඒක කොයි නිර්මාණයටත් පොදුයි.

* යුරේනිටත් ඔය කියන විදිහේ හොද Art එකක් තියෙන නිර්මාණයකට කතා කළොත් නිරුවත් වෙනවද?

ලංකාවෙනම් නිරුවත් වීම පිළිබඳව එක්තරා කොටසකට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, මොකද මේ රටේ සධාචාරය සංස්කෘතිය කියලා එකක් තියෙනවනේ. අනික මේ රටේ අයට තව කාලයක් යයි ඒ වගේ තැනක ඉදලා කලාව දකින්න.

* චාම් විදියට කලාවට ආපු යුරේනි දැන් අඩ නිරුවත පෙන්නගෙන එන්නේ නිරුවත Market කරන්නද?

මෙහෙමයි ෂෝට් එකයි ටිෂට් එකයි ඇන්දට ප්‍රශ්නයක් නෑනේ, මොකද අඩ නිරුවත කියන්නේ නිරුවත නෙමේනේ, මමත් ගෙදරට ඇදගෙන ඉන්නේ ෂොට් එකයි ටිෂට් එකයි . එහෙම බැලුවම මමත් අඩනිරුවතින්.

* යුරේනි රෑට ඉන්නේ ගෙදරට වඩා Night Club වල කියලා කතාවක් යනවා,

මම ජීවිතේටම Night Club එකකට පය ගහලා නෑ. මොනතරම්ම වැඩ තිබ්බත් මම 9.30 වෙනකොට නිදි.

* ඒ කියන්නේ උදේ 9.30 ද?

පිස්සුද අනේ රෑ.

* වෙළද දැන්වීම් වලට වැඩිපුරම අය කරන්නේ යුරේනිලු නේද?

එහෙම නෑ. මම වැඩිපුර අය කරනවා කියලා මට දැනෙන්නේ මම අනික් අයගේ ගාන දැනගත්තොත් නේ. මම අනුන්ගේ ගණන් හොයන්නෙත් නෑ දන්නෙත් නෑ. මම හැමතිස්සෙම මගේ වටිනාකමට අනුව සාදාරණයි කියලා හිතෙන ගානක් තමයි කියන්නේ.

* මනුරංග එක්කම නිතරම ගමන් බිමන් යන්නේ මනුරංගද බොඩි ගාඩ් ?

අපි ආරක්ෂාවට සුරයක් දානවනේ . ඉතින් මනුරංග තමයි මගේ සුරය, මගේ දුකට සැපට ඉන්න හොදම සමීපතම මිතුරෙක් එයා, මගේ බොඩි ගාඩ් කිව්වත් අව්ලක් නෑ.

* ඔබ පාවිච්චි කරන Sport car එක ව්‍යාපාරිකයෙක් දුන්නා කියන්නේ ඇත්තද?

අනේ එහෙම කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න. මම මුනගැහෙන්නම් ඒ වගේ පරිත්‍යාගශීලි කෙනෙක් ඉන්නවනම් , එහෙම පිං වැඩ කරන කෙනෙක් ඉන්නවනම් මගේ ඊලග වාහනයට Help එකක් ගන්නත් පුළුවන්නේ.මේ Car එකනම් මම ගත්තේ ගොඩක් දුක් විදලා මහන්සි වෙලා හම්බ කරලා.

* ලෝකේ ඉන්න හොදම අධ්‍යක්‍ෂවරයා ලංකාවේ ඉන්න හොදම නිෂ්පාදකයා එක්ක චිත්‍රපටයක් ලංකාවේ රූපගත කරනවා කියමුකෝ, ඉතින් යුරේනිට ආරාධනා කරනවා ඒකෙ නිරුවතින් රගපාන්න,

චිත්‍රපටය රූගත කරන්නේ මෙහෙනම් පෙන්නන්නෙත් මෙහෙනම් බැහැ කියනවා, Los Angeles වල කරනවනම් මම යනවා. මොකද මෙහෙට නිරුවත magic එකක් වුණාට එහෙට නිරුවත උසස් කළා නිර්මාණයක්. ඒක තේරුම් ගන්න මෙහෙ සමහරුන්ට හුගාක් කල් යයි.

* ඒ කියන්නේ ලංකාවේ නිරුවතින් බෑ, පිටරටක පුළුවන්?

මේකයි පිටරට ප්‍රේක්ෂකයා වෙනස්, Hollywood චිත්‍රපටයකට ආරාධනා කලොත් සලකා බලනවා.

– gossipking.lk

No comments:

Post a Comment

Post Bottom Ad