මහනුවර, ගොහාගොඩ කසළ කන්දෙන් වායුවක් පිටවීම පිළිබඳව පළ වූ මාධ්‍ය වාර්තාවලට අනුව ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරිමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහතා ඇතුළු නිලධාරින් ඒ පිළිබඳ කඩිනමින් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පැවසී ය. මධ්‍යම පළාතේ ප්‍රධානතම කසළ බැහැර කිරීමේ ස්ථානයක් වන ගොහාගොඩ කසළ කන්ද වෙත උසස් නිලධාරියෙකු යැවීමට කටයුතු කර ඇති අතර ඔහු විසින් ඒ පිළිබඳ සියලු තොරතුරු ලබා ගැනීමෙන් පසු ඉදිරි වැඩකටයුතු සැලසුම් කිරීමට අපේක්ෂා කරන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
එමෙන්ම ලබන මැයි මස 02 වනදා ඩ්‍රෝන් කැමරා යොදවා කසළ කන්ද විශේෂ පරික්ෂාවකට ලක් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහය ලබා ගැනීමට ද පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන මැයි මස 05 වනදා ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයාගේ සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව වාර්තා ෙව්.

No comments:
Post a Comment