අද වන විට පක්ෂය තුළ සමාජිකයෙක් හෝ බඳවා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු නෛතික බලයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ ජාතික සංවිධායක රවී ක්‍රිෂාන් ජයවර්ධන මහතා පවසයි.
පසුගිය දා ජනාධිපතිවරයා විසින් ශ්‍රීල.නි.ප සංවිධායකධූරයන්ගේ සිදු කරන ලද වෙනස් වීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, සිරිකොතේ උවමනාව මත අද වන විට පක්ෂය විනාශ කරමින් පවතින බවයි. එසේ වුව ද ශ්‍රිල.නි.ප විනාශ කිරීමේ මුලික අඩිතාලම දැමුවේ රාජපක්ෂ මහතා විසින් යැයි ද ක්‍රිෂාන් ජයවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.
තව ද මහින්ද රාජපක්ෂ මහතා තම පෞද්ගලික ප්‍රශ්න හේතුවෙන් පක්ෂයේ ඇතැම් අයගෙන් පළිගත් බව ද ජයවර්ධන මහතා කියා සිටියේ ය. කෙසේ වෙතත් පවතින තත්ත්වය තුළ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වශයෙන් සිටින කුමාර වෙල්ගම හා විදුර වික්‍රමනායක වැනි අය සංවිධායකධූරයන්ගෙන් ඉවත් කර ඒ වෙනුවෙන් තරුණ සංවිධායකවරු පක්ෂය තුළ ස්ථාපිත කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද ක්‍රිෂාන් ජයවර්ධන මහතා තව දුරටත් මෙහිදී පැවසීය.

No comments:
Post a Comment