මැයි දින රැළිය අතරතුර යම් සිද්ධියක් හෝ හදිසි ආපදාවක් සිදු වුවහොත් ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරි දෙකක් ස්ථාපිත කර ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව 0112 433 333 අංකයට කොළඹ අවට සිද්ධින් පිලිබඳව මෙන්ම 0812 233 333 අංකය ඇමතීමෙන් මහනුවර පේරාදෙණිය අවට සිද්ධීන් පිළිබද දැනුම්දිය හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
එමෙන්ම ඊයේ (30) රාත්‍රියේ සිට විශේෂ රථ වාහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර අද(1) දිනයේ උදෑසන සිටම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ වැටලීමක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. බීමත්ව රිය පැදවිම, අධික වේගයෙන් රිය පැදවීම මෙන්ම අපරික්ෂාකාරී රිය ධාවනයෙන් වළකින ලෙස මැයි දින පෙළපාලි හා රැස්වීම් සඳහා පිරිස් රැගෙන පැමිණෙන රථ වාහන රියදුරන්ගෙන් අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරයි.

No comments:
Post a Comment