මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ මැදමළුව විහාර වාසි පූජ්‍ය සේවාගම විනයරතන හිමියන් වන අතර විහාරාධිපති හිමියෝ බණකට වැඩි අවස්ථාවේ කැබ් රථයකින් පැමිණි සිවු දෙනෙකු පෙරේදා (14) රාත්‍රී 7.30 ට පමණ මෙම පහරදීම සිදු කොට පළා ගොස් තිබේ. විනයරතන හිමියන් මේ වනවිට පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ගනු ලබන අතර පහර කෑමට ලක් වූ වයස අවුරුදු 13ක සාමණේර හිමියන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
පෙරේදා (14) දිනයේ බොදු බල සේනා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක හාමුදුරුවරුන් පිරිසක් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට පැමිණ සිටියේ ද මෙම විහාරස්ථානයට වන අතර එම සිද්ධිය මුල් කරගෙන මෙම පහරදීම සිදු වූවා දැයි පොලිසිය සැක කරන බව වාර්තා විය. සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.
No comments:
Post a Comment