මාස 04ක් වයසැති වසු පැටියකුගේ ගාතයක කොටසක් පණපිටින් සිටියදී කපාගෙන ගොස් මස් අනුභව කළ පුද්ගලයෙක් කහවත්ත හැවැන්දෙණිය ප්‍රදේශයේ දී කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වසු පැටියාගේ හිමිකරු වන කහවත්ත යක්ගහඇළ පදිංචි කේ.බී. තුෂාර ඉන්දික ලක්මාල් (29) නමැති අය ඉකුත්දා 13දා උදෑසන 6.00ට පමණ වසු පැටියා බැඳ සිටි ස්ථානයට ගොස් බලද්දී එම ස්ථානයට තරමක් දුරින් කෙඳිරිලි හඬක් ඇසී ඇති අතර එම ස්ථානයට ගොස් බලද්දී වේදනාවෙන් දෑස්වල කඳුළු ගලන පැටියා කිසියම් සතෙකුගේ ගොදුරක් බවට පත්ව ඇති යැයි ඔහුට මුලින් සැක සිතා ඇත.
තුවාලය පරීක්‍ෂා කිරීමේදී කැපුම් තුවාල නිරීක්‍ෂණය වූයෙන් සැණෙකින් සැක සිතූ පුද්ගලයාගේ නිවෙසට ගොස් ඔහුව අල්ලාගෙන ඇති අතර පසුව ගමේ ජනතාව ගොම පවා අනුභව කරවා සිද්ධිය සම්පූර්ණයෙන්ම වමාරාගෙන තිබේ. වසු පැටියාගේ තත්ත්වය බරපතළ බැවින් සුව වීමට දීර්ඝ කාලයක් ගත වනු ඇතැයි කහවත්ත පශු වෛද්‍යවරයා පවසා තිබේ.
Tuesday, May 16, 2017
Home
ආරක්ෂක පුවත්
පණ පිටින් සිටි වසු පැටවකුගේ මස් කපාගෙන ගිය තිරිසනකුට ගම්වැසියන්ගෙන් අපූරු දඬුවමක්..
පණ පිටින් සිටි වසු පැටවකුගේ මස් කපාගෙන ගිය තිරිසනකුට ගම්වැසියන්ගෙන් අපූරු දඬුවමක්..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment