වසරක 30 කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සංගීත කලාව තුළ ප්‍රකට නමක් දිනා සිටි සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායමේ නාමය එහි හිමිකාරත්වය දරන නීල් වර්ණකුලසුරිය විසින් විකුණා දමා
ඇතැයි වාර්තාවේ. එය මිලට ගෙන අැත්තේ ශාන් නමැති ධනවත් ව්‍යාපාරිකයෙකි. ගනුදෙනුව සිදුවූ මුදල් අගය වාර්තා නොවේ. ඉදිරියට භාරගත් සංගීත ප්‍රසංග 70 ක් දක්වා නීල් සහභාගී වන බවත් පසුව ශාන් විසින් ඉදිරි කටයුතු මෙහෙයවනු ඇති බවත් වාර්තා වෙයි.
මහින්ද සිල්වා ප්රමුඛ සුපර්ස්ටාර් සංගීත කණ්ඩායමද කලකට පෙර විකුණන්නට සූදානම්වී එය මිලට ගත්තේද ශාන්ය.අතුල අධිකාරී,මහින්ද සිල්වා,අර්නි පීරිස් ආදීන්ද බිහිවූයේ සන්ෆ්ලවර්ස් කණ්ඩායම හරහාය. පසුව ඔවුන් වෙනත් මාර්ග වලට විසිරී ගොස් තිබුණි. 1990 දශකයේ ප්රබුද්ධ ගායකයින්ට මුදල් ගෙවා සන්ෆ්ලවර්ස් සංගීතයට කැසට්පට නිර්මාණය කිරීමේ පුළුල් ව්‍යාපාරයක්ද පැවති අතර මෙම ක්‍රියාවලිය විවිධ ආන්දෝලන ඇති කර තිබුණි.
No comments:
Post a Comment