ගාල්ල දිස්ත්‍රික් ලේකම් ටී.එස්. කොඩිකාර මහතා සඳහන් කළේ පැය එක හමාරකට ආසන්න කාලයක් තුළදී මෙය යථා තත්ත්වයට පත් කළ බවයි. කෙසේ වෙතත්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අන්තර්ජාල වෙබ් අඩවිය අක්‍රිය වීමට පසුගියදා එල්ල වු සයිබර් ප්‍රහාරය හේතුවක් නොවන බව පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසී ය.
එල්ල වු සයිබර් ප්‍රහාරයෙන් ශ්‍රි ලංකාවට මෙතෙක් බලපැමක් ඇති වී නොමැති බව පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේය. කෙසේ වෙතත් ඊයේ(15) රාත්‍රී සිදුවී ඇති මෙම වෙබ් අඩවියේ දෝෂය සයිබර් ප්‍රහාරයක් බවට මාධ්‍ය වාර්තා කර තිබිණි. Pakistani Cyber Team Experts නම් කණ්ඩායමක් විසින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවටද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ අතර මෙම හැකර් ප්‍රහාරය මේ වන විට ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති වොන්නක්‍රයි රැන්සම්වෙයා සයිබර් ප්‍රහාරයට අයත් නොවන බව වාර්තා වේ.
පකිස්තානයට ජයවේවා!, මුස්ලිම්වරුන්ට ජයවේවා! පාකිස්තාන හමුදාවට ජයවේවා! පාකිස්තාන අයි.එස්.අයි. ජයවේවා! යනුවෙන් මෙන්ම, කාශ්මීරය නිදහස් කරනු, පලස්තීනය නිදහස් කරනු, සිරියාව නිදහස් කරනු යනුවෙන් ඔවුන් සිය සයිබර් ප්‍රහාරය එල්ල කරමින් සඳහන් කර තිබූ බව ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර මෙය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පරිගණක දත්ත යාවත්කාලීන කිරීමේදී සිදුවී ඇතැයිද වාර්තාවේ.
No comments:
Post a Comment