ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවට මෙවර මැයි දිනය සමරන්නට සිදුවී ඇත්තේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සහ කම්කරු අමාත්‍යංශ ලේකම්වරයාගේ තනතුරු හිස්ව පවතිද්දී යැයි කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග මහත්මිය ඉකුත් 9 වැනිදා විශ්‍රාම ගිය අතර මේ වනතුරු එම තනතුර පුරවා නැත. එමෙන්ම කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා වන ගෝඨාභය ජයරත්න මහතා ඉකුත් 20 වැනිදා විශ්‍රාම යාමට නියමිතව සිටි අතර මේ වනතුරු ඒ මහතා අමාත්‍යංශයේ සේවය කරයි. එහෙත් මේ වන තුරු ඔහුට සේවා දිගුවක් ලබා දී නොමැති බව කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග තව දුරටත් හෙළි කරයි.

No comments:
Post a Comment