කර්මාන්ත ශාලාවලට ජෙනරේටර්වලින් විදුලිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 1, 2017

කර්මාන්ත ශාලාවලට ජෙනරේටර්වලින් විදුලිය

කර්මාන්ත ශාලාවලට ජෙනරේටර්වලින් විදුලිය
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය ජනනය 32% කින් අඩුවී තිබෙන අතර විදුලි ඉල්ලුම 10% කින් ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියයි. මේ හේතුවෙන් අනිද්දා (02) සිට කර්මාන්ත ශාලාවලට පෞද්ගලික විදුලි ජනක යන්ත්‍ර භාවිතය අනිවාර්ය වන අතර එම ආයතන ජනනය කරන විදුලි ඒකකයකට රුපියල් 36 ක මුදලක් ලබා දෙන බව ද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ ජල විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා තිබෙන ජල ධාරිතාවය පහළ වැටීම නිසා හෙට (2) සිට දිවා කාලයේ කර්මාන්තශාලාවල පවතින විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බවයි. තුන්වැනි වතාවටත් වැසි ලබාදෙන මෝසම හරිහැටි ක්‍රියාත්මක නොවුණ බවත් 2016 නිරිත දිග හා ඊසාන දින මෝසම මෙන්ම මෙම වසරේ ආරම්භක අවස්ථාවේදීම නොලැබි යාම නිසා විදුලි බලය නිෂ්පාදනය කරන ජලාශවල ජල ධාරිතාව 31.4 දක්වා පහත වැටී ඇති බව අමාත්‍යවරයා පැවසී ය.

මෙය දශක ගණනාවකින් ඇති වූ අඩුම ජල තත්ත්වයක් බවත් එහෙත් 50ක ජල ධාරිතාවයකින් විදුලිය නිෂ්පාදනය කරන රටක් ලෙස මෙය ඉතා අභියෝගාත්මක අවස්ථාවක් බවද ඔහු පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad