මේ වසර අග වනවිට ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා එකඟතාව හෙවත් එට්කා අවසන් ගිවිසුම අත්සන් කිරීම දෙරටේම බලාපොරොත්තුව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්දීය සාගර කලාප කටයුතු පිළිබඳ ඒකාබද්ධ ලේකම් සන්ජේ පාණ්ඩේ මහතා ප්‍රකාශ කර ඇතැයි ඉන්දියාවේ ෆයිනෑන්ෂියල් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි.
එට්කා ගිවිසුම් සම්බන්ධයෙන් මේ වන විට දෙරට අතර සාකච්ඡා වට හතරක් පවත්වා ඇති බවද යථාර්ථවාදී ලෙසින් ශ්‍රි ලංකාවට පහසුවන ආකාරයෙන් මෙම අවසන් ගිවිසුම අත්සන් කෙරෙන බව ද ලේකම්වරයා සඳහන් කළ බව එම පුවත් වාර්තාවේ සඳහන් වෙයි. කෙසේ හෝ මේ වසර අගදී අවසන් ගිවිසුම සකස් කර හැකි පමණින් ඉන් ඵල ප්‍රයෝජන ගත යුතු බව ද ලේකම්වරයා පෙන්වා දී සිටී.
2000 වසරේදී අත්සන් තබන ලද ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවට සහනදායි කොන්දේසි රැසක් පිරිනැමුණු අතර 2015-2016 වසරේදී දෙරට අතර ඇමෙරිකා ඩොලර් බිලියන 6ක වෙළඳ ගනු දෙනු සිදු වී ඇත.

No comments:
Post a Comment